IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වෙලේ සුදාගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්

(ගයාන් සූරිය ආරච්චි)

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හදිසි පරික්ෂාවකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ජි.ඩබ්. සමන්ත කුමාර නෙහොත්  වෙලේ සුදාගේ සිර කුටියේ තිබී නවීන පන්නයේ ජංගම දුරකථනයක්  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය බුස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවකදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇත.

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ A කොටසේ  සිරමැදිරියක් තුල හදිසි සෝදීසි කිරිමක් සිදුකර ඇත.

එහිදී  වෙලේසුදා රඳවා තබාගෙන සිටින  සිරමැදිරිය පිටුපස සඟවා තිබියදී සිම්පත් රහිත ජංගම දුරකථනයක්  අත්අඩංගුවට ගෙන  වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකරිය වෙත භාර දී ඇත. 

 

 

 



අදහස් (4)

වෙලේ සුදාගේ සිරකුටියෙන් නවීන ජංගම දුරකතනයක්

පියල් විරසිංහ Friday, 13 September 2024 09:23 AM

ඕවා නිකම් විහිළු කතා. ඕවා ඔක්කෝම දම්වැල් පුරුකක් සේ එකට බෙදිලා ඉන්නේ. බන්ධනාගාරයේ සියලු දෙනාගේ අනුග්‍රහයෙන් තමයි සිදුවන්නේ...! 

:       0       10

කිරිහාමි Friday, 13 September 2024 01:12 PM

හරි පව්නේ. ජේර්ල මුකුත්ම දන්නෑ. ඒ ගොල්ලන්ට බනින්න එපා. ඒ අය ඉතාම අවංකවම අකුරටම රාජකාරිය පැහැර හරින අය...!

:       0       14

de silva Friday, 13 September 2024 03:25 PM

දුරකථන භාවිත කරමින් හිරේ ඉඳන් දුරකථන මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරනවා. දහස් ගණන් ජීවිත විනාශ කරනවා. මොවුන්ට උසාවියෙන් නියමවෙලා තිබෙන මරණ දඬුවම ක්‍රියාත්මක නොකර, තවදුරටත් කන්න බොන්න දෙමින් තබාගන්න එකේ තේරුමක් තිබෙනවාද..?

:       0       7

sahasra Saturday, 14 September 2024 07:53 AM

ඒකව මරලා දාන්න බැරි ඇයි. මරණ දඩුවම ක්‍රියාත්මක කරානම් මු ම් මේ කරන ජාවරම් නැත්තටම නැතිවෙනවා. හරිනම් පවුල් පිටිං මරන්න ඕන නැත්තම් ඡන්ද අයිතිය නැති කරන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 664 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site