IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වල් අලි මහකුඹුක්කඩවල ප්‍රා.ලේ කාර්යාලයටත් හානි කරලා

( හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වල් අලි රංචුවක් කඩා වැදි මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  ගොඩනැගිලි වලට හානි කර අසල පිහිටි වෙළද සැලක් වනසා දමා ගොස් ඇති බව මහකුඹුක්කඩවල පොලිසිය කියයි.

දිගින් දිගටම මහකුඹුක්කඩවලයට කඩා වදින වල් අලි රංචු හේතුවෙන් මේ වන විට ගම්මාන වලට කඩා වැදි භෝග වගාවන් වනසමින් ජන ජීවිතය සම්පුර්ණයෙන් අවුල් සහගත තත්වයට පත් කර ඇති බව ජනතාව පවසයි.

එසේ කඩා වදින අලි රංචු නිරන්තරයෙන් වල්පාළුව තේක්ක රක්ෂීතය හා අවට ප්‍රදේශ වල රැදි සිටිමින් ගම්මාන වෙත කඩා වැදිම සිදුවන බව ජනතාව කියයි.

මේ වන විට වල් අලි රංචු  මහකුඹුක්කඩවල කුඩා කැලැ ප්‍රදේශ වල රැදි සිටිමටත් පුරුදුව ඇති බවත් කොස් හා අඹ වාරය හේතුවෙන් ගම්මාන වෙත කඩා වැදිම වැඩි වි ඇති බව ජනතාව පවසයි.

කෙසේ නමුත් අද( 28 ) අලුයම කඩා වැදි ඇත්තේ එක් වල් අලියකු බවත් වෙළද සැලට පහර දෙන විට ප්‍රදේශ වාසින් එළවා ඇති අතර නැවත අලුයම කාලයෙ කඩා වැදි මෙලෙස වනසා ඇති බව කියයි.

මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ අලුතින් ආරම්භ කල ගොඩනැගිල්ලකට ද පහර දී ඒ සමගම අසල පිහිටි ආණමඩුව ප්‍රාදේශීය සභාව මගීන් කුලි පදනමට ලබා දී තිබු වෙළද සැලක් මෙලෙස කඩා බිද දමා ලක්ෂයක තුනකට අධික හානියක් වෙළද සැලට කර එහි තිබු ලක්ෂ දෙකක පමන උපකරණ හා අනිකුත් දෑ වනසා ඇති බව කියයි.

 



අදහස් (1)

වල් අලි මහකුඹුක්කඩවල ප්‍රා.ලේ කාර්යාලයටත් හානි කරලා

ඩබ්.ආර්.ඒ.සසිඳු ලලන්ත Friday, 28 June 2024 09:36 PM

ඉතාම දුක්ඛිත ජීවිතයක් මිනිස්සු ගෙවන්නේ. සතුන්ටත් මිනිසුන්ටත් හානියක් නොවන හිතකර පියවරක් ඉතා ඉක්මනින්ම ගත යුතු වෙනවා මේ ප්‍රශ්නයට..., රජය විසින්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site