IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වල් අලි ප්‍රහාරයෙන් සිව් දරු මවක් මරුට

(දයානන්ද අධිකාරි)

මංගලගම  27 කණුව ප්‍රදේශයේදී අද උදේ 7.30ට පමණ වන අලියකු පහරදීමෙන් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මංගලගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ඩී එම් ඉන්ද්‍රාවතී (අවුරුදු 50 )නැමැති මංගලගම 26කණුව ලිපිනයේ පදිංචි සිව්දරු මවකි.

කජු වගා කර ඇති වත්තෙ දිනපතා කජු ඇහිදීම මේ දිනවල ඇය විසින් සිදු කරයි.

ඇය තම වත්තෙ කජු එකතු කිරීමට ගොස් ඇති අතර වන අලියකු සිටින බව දැනගත් පසු ඇය ජීවිතය බේරා ගැනීම සඳහා දිව ගියද අලියා පහරදී මරා ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය.

ඇය විසින් කජු ඇහිඳීම සඳහා භාවිතා කළ බකට් එකක් පාවහන් යුගල හා ජංගම දුරකථනය තැන් තැන් වල වැටී තිබුණු අයුරු දක්නට ලැබුණි.



අදහස් (2)

වල් අලි ප්‍රහාරයෙන් සිව් දරු මවක් මරුට

පැරකුම් Monday, 26 June 2023 05:17 AM

මේ මොන අපරාධයක්ද. වන සතුන්ද සිටිය යුතු නමුත් කිසියම් පාලනයක් සීමාවක් තිබිය යුතුය. විශේෂයෙන්ම අලි ගහනය අතිශයින්ම සීමා කල යුතුය. එසේම ගම වට කර අලි කානුවක් දැමීමෙන් වන අලි ගම්වැදීම ඉතා ලෙහෙසියෙන් පාලනය කල හැකි බව අපි අත්දැකීමෙන් දනිමු. ඒ බව වනජීවිය හොදින් දනී. ඒත් අලි කානුවට නැති කොමිස් අකාර්යක්ෂම අසාර්ථක අලිවැටට ඇත. ප්‍රමුඛත්වය දියයුත්තේ මිනිසාට මිස අලියාට නොවේ…!

:       1       1

Bunny Preena Monday, 26 June 2023 09:30 AM

අලින් නිතරම ගැවසෙන ප්‍රදේශයක් වත්තට රිංගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් විමසිලිමත් වෙන්න තිබුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site