IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වල් අලියා සිසුවිය රෝහලට යවයි

(ඇන් ජේ පතිරාජ)

වල් අලියකුගේ පහරින් පෙරළුණු බිත්තියකට  යටවී පාසල් ශිෂ්‍යයාවක තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි මීගලෑව පොලිසිය කියයි.

ඇය මීගලෑව මහවැලි ජාතික පාසලේ අට වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන දොළොස් හැවිරිදි දැරියකි .

මේ ශිෂ්‍යයාව සිය අත්තම්මාගේ තනියට ඇගේ නිවසට සෑම රාත්‍රියකම යන බවත් , එසේ ගොස් අත්තම්මා සමඟ එකම ඇදේ නිදා ගන්නා බවත් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.

දැරිය අත්තම්මාගේ නිවසට ගොස් නිදා සිටියදී රාත්‍රී දහයට එකොළහට පැමිණි  තනි අලියකු ඔවුන් නිදා සිටි කාමරයේ පිටත බිත්තියට පහරදී ඇති බව පොලිසිය කියයි . බිත්තියේ සුන්බුන් නිදාගෙන සිටි දැරියගේ ශරීරය මත වැටි ඇය තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි .

දැරිය හා මිත්තනියගේ කෑ කෝ ගැසිම් හා බිත්ති පෙරලන හඬ ඇසි අසල්වැසියන් පැමිණ අලියා පලවා හැරිි බව ගම්වැසියෝ කියති .තනි අලියා ඒ වත්තෙන් පිටව ගියත් , අලුයම වන තෙක් ගම්මානයේ රැඳී සිටි බව ද ඔවුහු කීහ .

 



අදහස් (0)

වල් අලියා සිසුවිය රෝහලට යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site