IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වල් අලියා දරු තිදෙනා පාරට ඇද දමයි

(ඉන්දික අරුණ කුමාර)

වන අලියෙකු පහරදීමෙන් නාඋල  රජාවෙල ගම්මානයේ පනස් හැවිරිදි තිදරු පියකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය කියයි.

යාබද මළ ගෙදරකට සහභාගී වී නිවසට පැමිණෙමින් සිටියදී තිදෙනකු පසුපස දී වන අලියා පන්නා පහර දී ඇති බවත් දෙදෙනකු දිවි බේරාගෙන ඇත.

තිදරු පියා වන අලි ප්‍රහාරයට ලක්වී මියගොස් ඇති බවත් රජාවෙල ගම්වාසිහු කියා සිටිති.

මෙසේ වන අලි පහරදීම හේතුවෙන් මිය ගොස් ඇත්තේ  යු.ජි.චමින්ද බණ්ඩාර (50) නැමැති ගැහැණු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

කුළි වැඩකරමින් සිය පවුල් ජිවිතයට අත්වැලක් වු චමින්ද බණ්ඩාර මිය යෑමෙන් පසු දරු තිදෙනාද බිරිද ද අන්න අසරණ තත්ත්වයට පත්වී සිටින බව රජාවෙල ගම්වාසිහු කියා සිටියහ.

මාධ්‍යයට අදහස් දැක්වු රජවෙල ගම්වාසින් කියා සිටියේ සිය ගම්මානය ආසන්නයෙන් අලි වැටක් ඇතැත් එහි විදුලිය නොමැති බවයි.

සිය ගම්මානයට වන අලි පැමිණෙන බවත්,සිය දරුවන් පවා පාසල් යෑම් වල දි වන අලින්ගේ ගැටළු හේතුවෙන් පිඩා විදින බව ද ඔවුහු කියා සිටියහ.

මොරගහකන්ද ජලාශය ඉදිවීමත් සමග වන අලි සිය ගම්මානයට පැමිණෙන බවත් බලධාරින් මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ගම්වාසිහු කියා සිටියහ.

අලින්ට ගම භාරදී තමන්ට ජිවත් වියහැකි ස්ථානයක් ලබාදෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ. මේ වන විට මොරගහකන්ද තමන්ට සාපයක් වී ඇති බව ද රජාවෙල ගම් වාසිහු එක හඩින් කියා සිටියහ.

 



අදහස් (3)

වල් අලියා දරු තිදෙනා පාරට ඇද දමයි

අංජලී Monday, 02 September 2024 12:24 PM

අසරණ පවුලක් අපි සියලු දෙනා පුළුවන් විදියට මෙයාලට උදව් උපකාර කරමු මොවුන්ගේ අධ්‍යාපාන කටයුතු වෙනුවෙන්.

:       1       41

N arachchige Monday, 02 September 2024 09:02 PM

දුරකථන අංකයක් දෙන්න...!

:       0       0

Māpalagama Saturday, 21 September 2024 05:22 PM

උදව් කරන්න මාර්ගයක් දන්වන්න ප්ලීස්... ලිපිනය, දුරකථන, වට්ස් ඇප්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site