IMG-LOGO

විල්වත්තේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්:දුම්රිය ධාවනයට බාධා

(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ බන්දුල පී පතිරණ)

විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී ඇතැයි පොලිසිය කියයි.

මේ හේතුවෙන් ගිරිඋල්ල - මීරිගම මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනා ගමන කටයුතු ඇන හිට ඇත.

පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ පවුෆි කාර්ලායල දුම්රියේ මෙම කන්ටේනරය ගැටී ඇත.

දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 පමණ දුරක් ඇද ගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට දැඩි හානිවි ඇතැයි ද පොලිසිය කියයි.

අනතුරින් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ ඇන්ජිමට දැඩ හානි සිදු ව තිබේ.

මේ හේතුවෙන් දුම්රිය රැසක ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 

 



අදහස් (6)

විල්වත්තේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්:දුම්රිය ධාවනයට බාධා

Nimal Wednesday, 09 August 2023 08:27 AM

මෙ කන්ටේනර් රථ පදවන්නෙ හරක්ද? මෙය ප්‍රදන පරක්. අනතුරු හැඟවීමේ සඥා පැහැලිවම ක්‍රියතමක් ‌වෙන්න ඇති. ගෙට්ටුවත් අඩුම තරමෙ වැහෙමින් පවතින්න ඇති. ඒ අස්සෙනුත් මෙවන් විශාල වාහනයක් රිංගවන්න තැත් කරල. මොන මොඩයෙක්ද? කී දෙනෙක්ගෙ දවසම විනාශවෙනවද?

:       1       38

Rohan Wednesday, 09 August 2023 10:41 AM

මෙය සම්පූර්ණයෙන්ම නොසැලකිලිමත්කමකි!

:       0       28

බද්රානි Wednesday, 09 August 2023 01:12 PM

ඇත්තම කියනවා නම්, මේක නම් මහ කාලකන්නි මිනිස්සු පිරිච්චි රටක්. හැම මනුස්සයාම කුලප්පු වෙලා වගෙයි හැසිරෙන්නේ. කිසිම හික්මීමක් නැහැ. හැමෝම අනෙකාව පරයමින් දිවයනවා. නොදියුණු ඇෆ්රිකානු රටවල ජනතාවත් හැසිරෙන්නේත් මේ හා සමානවමයි. කොතරම් ස්වභාවික සම්පත් තිබුණත්, ස්වභාව ධර්මයේ ශාපයට ලක්වී ඇති ඇෆ්රිකාවට සමාන තත්වයක් තමයි දැන් ලංකාවේත් පවතින්නේ. ඒ ශාපයෙන් ගැලවීමට උත්සාහ කරපල්ලා නොමිනිසුනේ...

:       1       22

පැරකුම්Wednesday, 09 August 2023 09:05 PM

බද්රානිගේ අදහස්වලට කිසිසේත්ම එකගවිය නොහැක. මෙය ස්වාභාවික සම්පත් බහුල වාසනාවන්ත මිනිසුන් සුලභ රටක්. එය විනාශ කරන්නේ මෙවැනි ඉතා සුලුතරයක් විසිනි. අවාසනාව එවැන්නන් පාලනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය අපොහොසත් වීමයි. මක්නිසාද රාජ්‍ය පාලකයින් බොහොමයක්ද එවැනි දූෂිත වසලයින් වීමයි.

:       0       0

මහසෙන් Wednesday, 09 August 2023 01:33 PM

මේවගේ මෝඩයින් නිසා අපේ සල්ලි කෝටි ගණනක් ඉවරයි. දැන් කියයි කෝච්චිය කන්ටේනරේට වෙට්ටුවක් දැම්මා කියලා...

:       0       14

prasanna Wednesday, 09 August 2023 06:44 PM

ලංකාවේ මිනිසුන්ගේ පුදුම නොසැලිකිලිමත් කමක් තියෙන්නේ, මෙතැනින් මම හැමදාම යනවා.. දෙපැත්තටම ගොඩක් දුරට කෝච්චියක් එනවාද කියල පේනවා. දුම්රිය සඤ්ඤා ඉතාමත් හොඳින් වැඩ කරනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site