IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වාලම්පුරියක්-බෙල්ලන් විකිණිමට ගිය දෙන්නෙක් මාට්ටු

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

ගුවන් හමුදා බුද්ධි තොරතුරක් මත අනුරාධපුරාධපුර රඹෑව ප්‍රදේශයෙදී ටයිටැන් වර්ගයෙ වාලම්පුරියක් හා විශේෂිත බෙල්ලන් දෙදෙනෙකු ලක්ෂ දහයකට  අලෙවි කිරිමට සුදානම් වු සැකකරුවන් දෙදෙනෙකු අද (16 )  අත් අඩංගුවට ගත් බව කියයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රධාන ආගමික ස්ථානයක කපුවකු හා ආවතේව කටයුතු වල නිරත සැකකරුවන් දෙදෙනෙකු බව කියයි.

මිරිගම ගුවන් හමුදා බුද්ධි නිළධාරීන්ට ලැබුණ තොරතුරක් මත අනුරාධපුරා ගුවන් හමුදා බුද්ධි නිළධාරීන් සමග එක්ව මෙම වැටලිම සදහා බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුනී.

ඒ අනුව වනජීවි මෙහෙයුම් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත කරුවලගස්වැව හා අනුරාධපුර වනජීවි කාර්යාල වල නිලධාරීන් සමග පොලිස් විශේෂ කාර්ය බලකා අණ දෙන නිළධාරී නිතිඥ වරුණ ජයසුන්දර  මහතාගේ උපදෙස් මත අනුරාධපුරා කදවුරු නිළධාරීන් සමග ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම අත් අඩංගුවට ගැනිම සිදුව තිබුනී.

ටයිටැන් වර්ගයෙ වාලම්පුරී හා විශේෂිත බෙල්ලන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 ක මුදලකට මිළදී ගැනිමට ගුවන් හමුදා බුද්ධී නිළධාරීන් උපාය දූතයින් යොදවමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

 

 



අදහස් (1)

වාලම්පුරියක්-බෙල්ලන් විකිණිමට ගිය දෙන්නෙක් මාට්ටු

මංජුල Monday, 16 December 2024 06:55 PM

සල්ලි ඕන කෙනා විකුණනවා. ඕන කෙනා සල්ලි දීලා ගන්නවා... සමාජයට අහිතකර දේකුත් නොවේ නම් මොකක්ද හේතුව...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site