
(මනෝප්‍රිය ගුණසේකර)
විල්පත්තුව වෙඩිතලතීව් රක්ෂිත වනාන්තරයෙන් අක්කර 168 ක් ඉස්සන් ගොවිපලක් නිර්මාණය කිරීම සඳහා මුදා හැරීමට නියම කරමින් වනජීවී අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් පනවා තිබු අතුරු තහනම් නියෝගය ලබන වර්ෂයේ ජූලි 29 වන්දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.
වනජීවී අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය පිළිබඳ යළි සමාලෝචනයක් කිරීමට නව රජය තීරණය කර ඇති බවට වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ෆස්ලි රසික් මහතා කළ දැනුම් දීමක් සළකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, දිලිප් නවාස් සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
2025 දෙසැම්බර් මස 18
675
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විල්පත්තු කැලේ ඉස්සන් වගාවේ තහංචිය තව කල් දමයි