IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැලිකන්දේදී ජිප් රියක් දුම්රියක ගැටේ

(නිමල් ජයරත්න)

මඩකලපුවේ සිටි පොළොන්නරුව දක්වා ධාවනය වෙමින් තිබු දුම්රියට අද සවස 4.00 ට පමණ වැලිකන්ද දුම්රිය නැවතුම්පොළ ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයෙන් ගමන් ගත්  ජීප් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් යුවළගෙන් රියැදුරු  තුවාල ලබා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.

මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා ඇත්තේ වැලිකන්ද මොනරතැන්න පදිංචි දෙදරු පියෙකි.  ඔහුගේ කැබ්රියෙන් පැන ජීවිතය බේරාගෙන ඇති බව පරීක්ෂණ පවත්වන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුවන මොහොත වනවිට අනාරක්ෂිත දුම්රිය මාර්ග බාධකයේ මුරකරු නොසිටි බවද ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

මෙම අනතුර පිළිබඳව වැලිකන්ද පොලිසි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.



අදහස් (2)

වැලිකන්දේදී ජිප් රියක් දුම්රියක ගැටේ

Nimal Saturday, 13 January 2024 07:45 AM

මුරකරුවෙකු සිටියත්, නොසිටියත් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී ඉතා පරිස්සමෙන් වාහනයක් ඒ හරහා දැමීම රියදුරුගේ වගකීමකි...

:       0       3

ලෝරන්ස් Saturday, 13 January 2024 09:44 AM

කැබ් එකක් නැත්නම් ජීප් එකක් කියලා තියෙන්නේ ලොරියකට කියලා තමයි පේන්නේ ඕනෑ නම් ඔය ඉදිරිපිට වීදුරුවේ අලවා තියෙන ආදායම් බලපත්‍රය කියවා බලන්න...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site