
(රොමේෂ් මධුෂංක)
වැලිඔය සම්පත්නුවර කල්‍යාණපුර ගම්මානයේ පසුගියදා කුඩ දැරියකට අමානුෂිකව පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද අද (05) අලුයම අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.
සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ කුඩා ළමයකුට කෑම කමින් සිටියදී පහරදෙන විඩියෝවට අදාල ප්‍රධාන සැකකාර පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා අද දින අලුයම පුල්මුඩේ,අරසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
මේ අතර අමානුෂිකව පහරකෑමට ලක්වූ වින්දිත කුඩා දැරියද සොයාගෙන ඇති අතර දැරිය යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද පොලීසිය පැවසීය.
මේ වන විට වැලිඔය පොලිස් භාරයේ සිටින කුඩා දැරිය අද (05) දහවල් මුලතිව් අධිකරණ වෛද්‍යවරය වෙතට යොමු කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණි.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිඔය දැරියට පහරදුන් නරුමයා මාට්ටු
sunimal Wednesday, 05 June 2024 08:37 AM
අපේ සමාජය කුණුවෙලා ඕජස් ගලනවා . ඒඅයි ගැන කතාකරන්න කලින් මිනිස්සුන්ගේ මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමු කෙරෙන්නේ නැතිනම් අපේ සමාජයේ අනාගතය ඉතාම තිරිසන් තත්වයකට යාවි . මානසික සුවය නැතුව ශාරිරික සුවයක් අත්තේ නෑ කියන්නේ කට කහනවට නෙවෙයි . අපේ මෝඩ මිනිස්සු ඕනෑම මානසික ලෙඩෙකුට පිස්සා කියමින් නිගරු කරනවා නමුත් තමුන් දන්නේ නැහැ ඒ අර්ථයෙන් බලනවිට තමනුත් පිස්සෙක් වනබව .
irfan Wednesday, 05 June 2024 09:27 AM
ඉතාම හොඳ පුවතක්
Marikkar Wednesday, 05 June 2024 09:34 AM
මෙම කාලකන්නියාට නීතියේ උපරිම දඩුවම් ලබා දෙන ලෙස අප ආරක්ෂක අංශයෙන් ඉල්ලා සිටිනවා.
kithsiri kumara ekanayaka Wednesday, 05 June 2024 11:55 AM
නීතියේ උපරිම දඬුවම් ලබා දෙන්න...
KKDP Wednesday, 05 June 2024 01:10 PM
ඔහුට උපරිම දඩුවම් දෙන්න. ඔහු ඇප පිට නිදහස් කරන්න එපා
Upul Wednesday, 05 June 2024 02:24 PM
සීනි ටිකක් හොරා කෑවා කියලා තමන්ගේ ළමයාට ගහපු ගැහිල්ල දැක්කාම මට හිතුනේ, පහුගිය කාලේ මහා පරිමාණ සීනි බදු වංචාව කරලා හොරා කාපු අය එහෙම කුකුල් චමින්දයාට හමුවුණොත් කොහොම ගහවිද කියලා...
sumanasiri Wednesday, 05 June 2024 05:52 PM
මිනිසුන්ගේ මානසික ආතතිය විවිධාකාරයි, දැඩි ආර්ථික පීඩනයෙන් හෙම්බත්වුණු මිනිසුන්ගෙන් ආතතිය පිටවෙන්නේ විවිධ ක්‍රම වලට, මේ මිනිසාට වුණේ කුමක්දැයි හොයන්නේ බලන්නේ නැතිව මේ මිනිසා සිර කිරීමෙන් වෙන්නේ පුහුණු අපරාධකරුවකු නිර්මාණය කිරීමයි...!