(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව බහාලුම් පර්යන්ත 2 ක් සහ රජය සතුව බහාලුම් පර්යන්ත 2 ක් වශයෙන් බහාලුම් පර්යන්ත 4 ක් ක්‍රියාත්මක වන අතර, ප්‍රති නැව්ගත කිරීම් නිෂ්කාශනය කිරීම ද ඇතුළුව
එක් පර්යන්තයක් හරහා දිනකට බහාලුම 5,000-10,000 අතර ප්‍රමාණයක් පරීක්ෂා කර, නිදහස් කරනු ලබයි.
රේගු නිලධාරීන් විසින් පිට කිරීමේ දොරටුවලදී පරීක්ෂා කිරීමට අවශ්‍ය බහාලුම් තීරණය කර, එම බහාලුම් භෞතික වශයෙන් පරිලෝකන පරීක්ෂාවට (Scan) ලක් කරනු ලබයි.
පසුගිය කාලයේ නිෂ්කායන ක්‍රියාවලිය තුළදී විවිධ ගැටලු මතු වීම හේතුවෙන් රේගු නිලධාරීන් විසින් දෛනිකව බහාලුම් වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර, වරාය වෙත පැමිණෙන නෞකා ප්‍රමාණයේ යම් වැඩිවීමක් ද නිරීක්ෂණය කර තිබේ. බහාලුම් නිදහස් කිරීම සඳහා දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදයේ කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි දියුණු කරමින් කිසිදු ප්‍රමාදයකින් තොරව වරායෙන් බහාලුම් නිදහස් කිරීම වෙනුවෙන් යෝග්‍ය ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වරාය බහාලුම් ඉක්මනින් නිදහස් කරන්න කමිටුවක්