IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වරාය නගර කොමිෂන් පනතට එරෙහිව උද්ඝෝෂණයක්

(ශාන්ත රත්නායක)

ගෝලීය ප්‍රාග්ධනයට අධිරාජ්‍යවාදී බල පොරයට ජනතාව බිලිදෙන වරාය නගර කොමිෂන් පනතට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද 19 කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පැවැත්වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායක පුබුදු ජාගොඩ ඇතුළු පක්ෂ සාමාජිකයෝ මෙම නිහඬ විරෝධතාවට එක් වූහ.



අදහස් (9)

වරාය නගර කොමිෂන් පනතට එරෙහිව උද්ඝෝෂණයක්

චතුරංග Monday, 19 April 2021 07:16 AM

අනේ ඔය පෙරටුගාමී මල්ලිලා රට වෙනුවෙන් කරපු දෙයක් නෑ. දැන්වත් ඔය දූපත් මානසිකත්වයෙන් මිදිලා විවෘතව හිතන්න පුරුද වෙන්න.

:       19       96

සමිත සේනක අලුත්ගමගේ. Monday, 19 April 2021 09:24 AM

සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීමේ නිදහස රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇති දෙයක්. නිකන්ම කකා බිබී මෙලෝ හසරක් නැතිව ආණ්ඩුවලට කඩේ යන හෙන්චයියන්ට වඩා රට ගැන කැක්කුමක් තියෙන මේ මිනිසුන් හොඳයි කියා සිතෙනවා. චීනා මේ රටේ කොළණි හදන එකේ බැරෑරුම් කම නිකන්ම නිකන් හිස් මොලගෙඩි තියෙන බුබ් බඩයින්ට කිසිදා වටහා ගන්නට බැහැ. ඔවුන් නිකං විකාර කියවනවා.

:       82       23

විජිත්Monday, 19 April 2021 11:51 AM

මමත් ඔබ සමගයි සමිත. අපේ රටේ බහුතරයක් අයට මෙහි ඇති භයානකකම වැටහෙන්නේ නැහැ. රටට ඇත්තටම ආදරේ ඇති මිනිහෙකුට පුලුවන්ද "මොන ක්‍රමයකින් " හෝ තමන් ඉපදුණු රට විදේශයකට පාවා දෙන්න. මේ ප්‍රශ්නය බොහෝ දුර යනබව හොඳින්ම පෙනෙනවා. ඒ මදිවට ශ්‍රී ලංකා පොලීසියට චීනයේ නිෂ්පාදිත විදුලි සංදේශ හුවමාරු උපකරණ දෙන්න යනවාලු. ඒ උපකරණ හරහා වෙනත් රටවල හුවමාරුවන "සංඥා දත්ත" හොරකම් කිරීමක් හෝ ඒ දත්තවලට චිනාට ඇහුම්කන් දීමට සැලස්වීමක් සිදුවුවහොත් අපි ලොකු අමාරුවක වැටෙනවා...

:       49       13

saman Monday, 19 April 2021 10:28 AM

ලංකාව වැනි රටකට පහසුකම් සහ වෙනත් දිරි දීමක් නොමැතිව කිසිම විදේශීය ආයෝජකයෙක් පැමිණෙන්නේ නැහැ. ඔවුන්ට ආසියානු කලාපයේ ආයෝජනය කරන්නට අවශ්‍යතාවක් ඇත්නම්, ඔවුන්ට ඒ සඳහා ලංකාව හැර ආසියාවේ වෙනත් රටවල් රාශියක් ඇත. විදේශීය ආයෝජන වලින් රටට ඇතිවන වාසිය නම් අපේ අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාවීමයි. එබැවින් මෙවැනි දේට විරුද්ධ වන උදවිය පාරේ බෝඩ් උස්සගෙන සිටින්නේ නැතිව, රටේ නව පරපුරට රැකියා බිහි කරන අනිකුත් ප්‍රායෝගික විකල්ප ඉදිරිපත් කළ යුතුයි.

:       8       62

Raveendra Monday, 19 April 2021 10:40 AM

"පෙරටුගාමීන්" කියන්නෙත් කළුකුමාරයාගේ "අගතිගාමී" කණ්ඩායමෙන් වෙන්වුණු කොටසක්ද? පෝස්ටර්වල තිබෙන අකුරු හැඩතල නම් අන්තරේ අකුරුවලට සමාන බවක් නොපෙනේද?

:       9       47

රණ බෙර Monday, 19 April 2021 11:40 AM

ජය වේවා...!!! හොර චීනාව මේ රටෙන් පැන්නීමට එකතුවෙමු.

:       38       8

gunarathnaTuesday, 20 April 2021 01:06 AM

ගෙදර ඇතුලේ වටයක් ගහලා බැලුවාම පෙන්නේ මොනවාද චීන බඩු. ටීවි එකේ ඉදලා ෆෝන් එක දක්වාත් රයිස් කුකර් එකේ ඉදලා පිත්තල හැන්ද දක්වාම චීනේ. තමන්ගේ දරුවන්ගේ පාසල් බෑග් එක වතුර බෝතලේ පැන්සල් පෙට්ටියේ ඉදලා මකන කෑල්ල දක්වාම චීනේ. මේ කට්ට්ය තමා කෑගන්නේ චීන කොලනියක් හදන්න යනවා කියලා.

:       0       0

Demuni Uduwara Monday, 19 April 2021 06:49 PM

ක්‍රියාව සෝදිසි නොකර සමහරු නිහඬ විරෝධතා සමච්චල් කරති

:       0       2

chandima Monday, 19 April 2021 08:20 PM

10% හරි 15% හරි අරගෙන මේ විදියට චීනය හවුල් කරගෙන වැඩේ දිගටම ගෙනියනවාද? නැතිනම් අනිත් කට්ටිය බලේ දීලා මුළු දූපතම චීනයට දිලා ගානක් අරන් නිකන් ඉන්නවාද? අර වරාය නගරය දුනාන වගේ?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 699 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17870 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site