
(ඩයනා උදයංගනී)
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මුල්‍යමය දායකත්වය ඇතිව, ශ්‍රී ලංකා වෙලඳ නාවිකයන්ගේ ජාතික සංගමය මගින් මහපොල වරාය හා සමුද්‍රීය විද්‍යායතනයේ ආරම්භකරන ලද ගැන්ටිර දොඹකර පාඨමාලාව නිමකල පළමු තරුණියන් 10 දෙනා හට සහතිකපත් ප්‍රදානය කිරීම වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (3) සිදුකෙරිණි.
න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සහිත මෙම පාඨමාලාවේ කාලසීමාව මාස 04 හතරකි.
මේ වනවිට මහපොල වරාය සමුද්‍රීය විද්‍යායතනයේ පුහුණුව ලද අංගන දොඹකර ක්‍රියාකාරිනියන් අටදෙනකු වරාය පර්යන්තවල ඉතා ක්‍රියාශීලීව සේවය කරන බව වරාය අධිකාරිය පවසයි.
එමෙන්ම මෙවැනි පුහුණුවීම් ලබාදී ගැන්ටි්‍ර දොඹකර මෙහෙයුම් සඳහා ඉදිරියේදී කාන්තාවන් යෙදවීමට බලාපොරොත්තු වන බව ද වරාය අධිකාරිය සඳහන් කරයි.
අලුතින් පාඨමාලාව හැදෑරූ ගැන්ටි්‍ර දොඹකර ක්‍රියාකරවන්නියන් සඳහා පෞද්ගලික අංශයේ සහ විදේශීය රටවල බහාලු පර්යන්ත වල රැකියා අවස්ථාවන් සඳහා වැඩි ඉල්ලුමක් ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරායේ දොඹකර ක්‍රියාකරවන්න තරුණියන්ට වැඩි ඉඩක්
ravin Tuesday, 04 April 2023 02:17 PM
දුවලට සුබපැතුම්
Lalla Tuesday, 04 April 2023 04:46 PM
දුම්රිය රියදුරන් ලෙසත් කෙල්ලන්ට පුහුණුව දෙන්න. වැඩේ නියමෙට යයි.
මහී Tuesday, 04 April 2023 10:53 PM
පවු තරුණ තරුණියන්, දේශපාලනය තුල සැප විදීමට ඇති අවස්ථාව නාකි පවුල් දේශපාලකයින් විසින් අහිමි කරලා, දොබකරවලට දාලා, එයාලාගෙ පොටෝත් දාලා, බේබිලාට බැරිද දොබකර ක්‍රියා කරවන්න.