IMG-LOGO

වාරියපොළ සභාපති පුටුවට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වාරියපොල ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින්  තිදෙනකු රෝහල්ගත කර ඇතැයි වාරියපොළ පොලිසිය කියයි.

සභාපතිවරයා ලෙස වැඩ බාරගත් ලයනල් ප්‍රේමතිලක මහතා සමග ප්‍රාදේශීය සභාව තුළ සිටි හිටපු සභාපතිවරයකු වන තිලකරත්න දිසානායක මහතා සහ නිල්මිණී සෙනෙවිරත්න මන්ත්‍රීවරියට වත්මන් වැඩබලන සභාපතිවරයා පහර පහරදුන් බව කියා වාරියපොල රෝහලට ඇතුලත් වී ඇත.

වැඩ බලන සභාපතිවරයා සමග සිටි පුද්ගලයකුද හිටපු සභාපති තිලකරත්න මහතා පහරදුන් බව කියමින් නිකවැරටිය රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටී.

හිටපු සභාපති තිලකරත්න දිසානායක මහතා කියා සිටින්නේ අද දින වැඩබාරගත් සභාපති ප්‍රේමතිලක මහතාගේ තනතුර අත් හිටුවා අතුරු තහනම් නියෝගයක් ගත් බව කියාගෙන පැමිණි වැඩ බලන සභාපතිවරයා ප්‍රාදේශීය සභාව තුල ආහාර ගනිමින් සිටි තමන්, නිල්මිණී මන්ත්‍රීතුමිය ඇතුලු එහි සිටි පිරිසට පහරදුන් බවයි. මේ සම්බන්ධයෙන් වාරියපොල පොලිස් ස්ථානයේ පැමිණිළි කීපයක්ද සටහන් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට වැඩබලන සභාපති අනුර සුදර්ශන මහතා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් සභාපතිවරයාගේ දුරකතන ක්‍රියා විරහිතව තිබිණ.

 



අදහස් (2)

වාරියපොළ සභාපති පුටුවට පොහොට්ටුවේ දෙපිරිසක් ගුටි කෙළියක

ravin Thursday, 24 March 2022 09:28 AM

අනේ...! ප්‍රදේශයේ වෙසෙන ජනතාවට තියෙන දයාවටද? කරුණාවටද? මේ ගුටි කෙළගන්නේ...! හොරකමට හලෝ... හොරකමට...

:       0       0

Sahas Thursday, 24 March 2022 02:22 PM

හොඳටම හොරාකාලා තියෙන බව වන්නියේ අටවලා තිබෙන සභාවේ ගොඩනැගිල්ලෙන්ම කියන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 709 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site