(පුෂ්පකුමාර ජයරත්න සහ රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වාරියපොළ පොලිස් බළ ප්‍රදේශයට අයත් බණ්ඩාරකොස්වත්ත පුබ්බෝව ප්‍රදේශයෙන් අද (23) හඳුනාගත් කොරෝනා වෛරසය ආසාදිත නාවික හමුදා සෙබලා සමග සමීපව කටයුතු කළ බව කියන වාරියපොළ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කළ බව වාරියපොළ කොට්ඨාස බාර සහකාර පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක මහතා ප්‍රකාශ කළේය.
මෙම නාවික සෙබලා පසුගිය 19 වන දින තම පියාට ව්‍යාපාර කටයුත්තක් සදහා මහියංගණය ප්‍රදේශයට යාම සඳහා අැඳිරි නීති බලපත්‍රයක් ලබා ගැනීමට වාරියපොළ පොලීසියට පැමිණි පසු එහිදී පොලීසියේ ප්‍රධාන ගේට්ටුව අසලදී ඔහුගෙන් තොරතුරු විමසා සිටි නිලධාරීන් දෙදෙනාව මෙසේ නිරෝධායනයකට යොමු කළ බවද වික්‍රමනායක මහතා පැවසීය .
මේ හේතුවෙන් මහියංගණයට ගොස් සිටින ඔහුගේ පියා සම්බන්ධයෙන් සොයා බලන ලෙස මහියංගණය පොලීසියට දැනුම්දී ඇති අතර නාවික සෙබලා ඇසුරු කළ බව කියන අනෙකුත් පුද්ගලයන් පිළිබඳව විමර්ශන සිදු කරමින් සිටින බවද සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වාරියපොල ආසාදිත සෙබළා ඇසුරු කළ පොලිසියේ දෙදෙනකු නිරෝධායනයට