IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙන්න

(යොහාන් භාසුර)

ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්නේ යැයි පෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වරාය සහ රේගු භාණ්ඩ ලංසුකරුවෝ පවසති.

වරායේ සහ රේගුවේ ටෙන්ඩර් ක්‍රමය කඩාකප්පල්කර රජයේ ආදායම අහිමිකර කුණුකොල්ලයට වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙය බව කියන ලංසුකරුවෝ රේගු, වරාය සහ නැව් සමාගම් සම්බන්ධීකරණය කරන්නන් භාණ්ඩ විනාශ කිරීම භාරගන්නා පාර්ශවයන් බවට පත්ව ඇති බව ද කියති.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ රේගු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් එකතුව මෙම ජාවාරම ක්‍රියාත්මක කරන බව  ලංසුකරුවෝ කියති.

 



අදහස් (6)

වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙන්න

dds Tuesday, 04 March 2025 06:25 PM

සිස්ටම් චේන්ජ් වෙනකොට හොරුත් සිස්ටම් චේන්ජ් කරගන්නවා...

:       2       46

ගුණරත්න Tuesday, 04 March 2025 07:06 PM

තව ක්‍රමයක් තියෙනවා කන්ටේනර් පෙට්ටි 300ක් විතර එක සැරේ නිදහස් කරන එක, ඒවා ඇතුලේ තියෙන්නේ මොනවාද දන්නේ..? ගෙන්නපු එකා විතරයි.

:       43       22

නව ගුණරතන හෝටලය සහ බේකරියTuesday, 04 March 2025 07:42 PM

ඒ 300ටම වඩා අර කටුනායක හයිවේ එකේ කන්ටේනරේ කොච්චර හොඳද?

:       5       27

අරවින්ද මොණරවිල Wednesday, 05 March 2025 10:40 AM

මහින්දගේ කාලයේ හිටපු අගමැතිගේ පුද්ගලික ලේකම්ගේ ලියුමට කුඩු කන්ටේනරයක් නිදහස් කලා වගේ ඒවා දැන් වෙන්නේ නැති නිසාත් රේගුවේ සාමාන්‍ය පරික්ෂණ ක්‍රම විදිහට එම කන්ටේනර් තොගය නිදහස් කළ බවට රේගු අධ්‍යක්ෂක සහතික වුණ නිසාත් ගුණරත්නට කළබල වෙන්ව හේතුවක් නම් නැහැ.

:       2       1

රට වැසියා Tuesday, 04 March 2025 11:09 PM

රේගුවේ වෙන සියලුම තක්කඩි වැඩ ආණ්ඩුවේ මැති-ඇමැතිලා ඇතුලු මන්ත්‍රිලා 159 සහ ජනාධිපතිවරයාත් දන්නවා.. හැබැයි ඒවා නවත්වන්නේ නැහැ! ක්ලීන් සිරි ලංකානේ...!

:       0       1

de silva Wednesday, 05 March 2025 01:54 AM

සිස්ටම් චේන්ජ් කරනවා කියනවා , ඩිජිටල් කරනවා කියනවා මොන මගුල කලත් ඕවාට දත්ත ඇතුල් කරන රජයේ නිලධාරියෝ හොරු නම් පලක් තිබෙනවද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 800 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2451 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site