
(යොහාන් භාසුර)
වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉරාන රාජ්‍යයේ සංචාරයක් අතරතුර එරට වාරිමාර්ග, ජලාශ හා බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මහතා සමඟ ක්ෂේත්‍ර රැසක් පිළිබඳව සාකච්ඡා කළේය.
දෙරට අතර වාරිමාර්ග, ජලාශ, බලශක්ති අංශයේ සහයෝගීතාව තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබදව මෙන්ම විශේෂයෙන් දෙරට අතර වාරිමාර්ග, ජලාශ, බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීම සදහා ඉරානය ආර්ථික සහයෝගීතාව සදහා වූ ඒකාබද්ධ කොමිසමහි වැදගත්කම මෙහිදී පැහැදිළි කළේය.
මෙගාවෝට් 120 ක් විදුලි උත්පාදනයක් කරන උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිම කිරීම පිළිබදව ඉරානයේ ෆැරබ් සමාගමේ නියෝජිතයින් හට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ස්තූතිය පුද කළේය.
උතුරු මැද පළාතේ ජනතාව අතර බහුලව ව්‍යාප්ත වී ඇති වකුගඩු ආශ්‍රිත සෞඛ්‍ය ගැටලුව පිළිබදව කරුණු ඉදිරිපත් කළ රොෂාන් රණසිංහ මහතා පොළොන්නරුව, අනුරාධපුරය දිස්ත්‍රික්කයන්හි කුඩා පරිමාණයේ පිරිසිදු පානීය ජල ව්‍යාපෘති ඉදිකිරීමට සහයෝගය දක්වන ලෙස කළ ඉල්ලීම සදහා ද එරට නියෝජිතයින්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබුණි.
වෙළද, සංචාරක,වාරිමාර්ග,ජලාශ, බලශක්ති ක්ෂේත්‍රවල පවත්නා සබඳතා වැඩි දියුණු කර ගැනීමට ඇති හැකියාව පිළිබදව එරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයින් සමග කළ සාකච්ඡා ශ්‍රී ලංකාවට සුභදායී ලෙස ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් විය.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාරිමාර්ග - බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ගැන ඉරානය සමඟ සාකච්ඡා