(ඉන්දිකා රාමනායක)
රටේ පවතින වර්තමාන වාතාවරණය මත බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වන උද්ඝෝෂණ මැඩපැවැත්වීම සදහා කැරලි මර්දන උපකරණ ලබා දෙන ලෙසට ඉල්ලා පොලිස් මුලස්ථානය දිවයිනේ පොලිස් කොට්ඨාස 12 ක් වෙත විශේෂ දැනුම්දීමක් කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ගේ අත්සනින් යුතු මෙම ලිපිය පොලිස් කොට්ඨාස වෙත යොමු කළ බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. ගෑස් මුහුණු ආවරණල කැරලි පලිහල ආරක්ෂක හිස් වැසුම් ල රබර් මුගුරු, ඉල්ලා මෙම දැනුම්දීම කර ඇති බවද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
අනුරාධපුරය , මඩකලපුව, ඇල්පිටිය, කුරුණෑගල , මාතලේල, පොලොන්නරුව, තංගල්ල, මහනුවරල කන්තලේ, නුවරඑළිය, පුත්තලම, ත්‍රිකුණාමලය යන පොලිස් කොට්ඨාසවලින් මෙම ඉල්ලීම කර ඇතැයි ද පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විරෝධතාවලට මුහුණ දෙන්න පොලිසිය බඩු එකතු කරයි
Samitha Senaka Aluthgamage. Thursday, 16 March 2023 08:34 AM
පොලීසියේ මේ ක්‍රියාදාමය ප්‍රසිද්ධ කිරීම අසාධාරණ පාලනයට,බඩු මිල ඉහලයාම හා බදු බර වැඩිවීම ආදී දේට එරෙහිව නැඟී සිටිනා ජනතාවට ව්‍යංගයෙන් කර ඇති තර්ජනයක් බව පෙනේ.එසේම,ඒ සැලැස්ම කල්තියාම සියලු විස්තර සහිතව ප්‍රසිද්ධ කිරීම නිසා පොලීසියේ බුද්ධියේ ඇති හීනතාවක් ද ප්‍රදර්ශනය කෙරේ.ඒ මන්ද යත්,පුවතේ සඳහන් පොලිස් ස්ථානවල එම බඩු මුට්ටු නොමැති බව දැනගත් විට උද්ඝෝෂණ කරුවන් හට එම ස්ථානවල සිත්සේ තම කාරිය කරගැනීමට හැකිය.ඒ ගැන නොසිතා එය ප්‍රසිද්ධ කිරීම පොලිස් බුද්ධියේ අඩුපාඩුවක් බව නොකියා නොහැක්කේය.
නිහාල් Thursday, 16 March 2023 08:50 AM
ඉස්පිරිතාලෙ පණ අදින ලෙඩ්ඩුන්ට බෙහෙත් ටිකක් හොයාගන්න තමයි බැරි.
Perera Thursday, 16 March 2023 09:13 AM
බඩු ටික කොලඹට එව්වට පස්සෙ .....විරෝතා ව්යාපරය ඔය පලාත්වල කරන්න පහසු වේ එ පලාත්වල බඩු නති නිසා!!!!
Bunny Preena Thursday, 16 March 2023 09:16 AM
හරියට ටෙම් & ජෙරී කාටූන් එක වගෙයි.
කිරිපුතා Thursday, 16 March 2023 09:45 AM
කාලකන්නි වැඩ වර්ජන රැල්ල අයෙ ආවා. මේවා බැරිම තැන තමයි 71 සහ 89 භීෂණය ඇති වුණේ
සත්‍ය ගවේෂී.Thursday, 16 March 2023 01:58 PM
මේ කිරිපුතා නමින් ලියන පොහොට්ටුවට බොහෝ කල් සිට රෙදි නැතිව කඩේ යන අඳ බාලයා මොන මඟුලකට මෙහි ලියනවාද දන්නේ නැහැ.වැඩ වර්ජන කරන්නේ අසාධාරණ ලෙස රට පාලනය කරන පොහොට්ටු දූෂිතයන් ගෙන් වෙන පීඩා ඉවසන්න බැරි නිසා බව තේරුම් ගන්න බූරුවෙකුට තරම් වත් මොළයක් නැතිද ?
Buddika Thursday, 16 March 2023 10:39 AM
ඊට කලින් මෙ රටෙ පාතාලය මත් වෙලදාම මර්ඩනය කරපල්ල. රටෙ නීතියක් නෑ. හැම නම පොලිසි. එත් අවනීතිය රජ වෙලා.
Sunil Thursday, 16 March 2023 10:54 AM
ප්‍රජතන්ත්‍රවාදයට නව අර්ත කථනයක් දෙන්න වගෙයි.
Rata Perata Thursday, 16 March 2023 12:55 PM
රනිල් වගේ පරාජිත මිනිහෙක් යටතේ මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
fairoos Thursday, 16 March 2023 01:13 PM
පොලීසිය සහ හමුදාව අනිත් පැත්තට හැරෙන දවස වැඩි ඈතක් නෑ..
BamunuarachchiFriday, 17 March 2023 02:29 PM
අම්මට සිරි මු දන්න දේවල්