IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැරදි වැඩක් කළ රේගු නිලධාරීන් ගැන පරික්ෂණයක්

(යොහාන් භාසුර)

නීති විරෝධීව ආනයනය කළ සුවඳ විලවුන් සහ ආලෝපන අඩංගු බහලුමක් රේගු පරීක්‍ෂණ කටයුතු සඳහා නවතා තිබියදී ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කළ නිලධාරීන් සිවුදෙනා සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් ක්‍රියාත්මක බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා ‘ලංකාදීප’යට පැවසීය.

අදාල සිද්ධිය සම්බන්ධ නිලධාරීන්ගේ වැඩතහනම් කිරීම පරීක්‍ෂණය පැවැත්වීමේ පළමු පියවර බවත් රේගු දෙපාර්තමේන්තුව අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු ක්‍රියාත්මකව සිටින බවත් කීය.

මෙවැනි සිද්ධියකට ක්‍රියාමාර්ගගැනීමට රේගු පනතේ සහ ආයතන සංග්‍රයේ අවශ්‍ය සියලු ප්‍රතිපාදන ඇති බව කී අරුක්ගොඩ මහතා ඒ අනුව කටයුතු කිරීම ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.

රේගුවට අයත් ‘ග්‍රේ ලයින් 2’ භාණ්ඩ පරීක්‍ෂණ අංගයේ රඳවා තිබූ මෙම බහලුම රුපියල් 120,000 ක ඉතාමත් අඩු දඩයක් නියම කර නිදහස් කිරීම වඩාත් බරපතල ගැටලුව බවට පත්ව ඇති බව කී අරුක්ගොඩ මහතා රේගු දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට මෙම සිද්ධිය හේතුවෙන් දැඩි හානියක් වූ බවත්ය.

එම බහලුම ව්‍යාජ ලේඛණ සකස්කර රේගුවෙන් නිදහස් කිරීමේ චෝදනාවට ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂවරයෙක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරියක්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරයෙක් සහ රේගු අධිකාරිවරයෙක් මේ වන විට වැඩතහනමට ලක්කර ඇති අතර පසුගිය 12 වැනිදා බහලුම නිදහස් කර ඇති බව වාර්තා වේ

එහි තිබූ සුවඳ විලවුන් සහ ආලෝපන ඊයේ (21) පස්වරුව දක්වා සොයාගැනීමට නොහැතිව තිබුණි.

 



අදහස් (3)

වැරදි වැඩක් කළ රේගු නිලධාරීන් ගැන පරික්ෂණයක්

wijitha Monday, 22 July 2024 04:04 AM

අනේ සීවලී මහතා විහිලු කතා කියන්න එපා. රේගුවට කොහෙද කිර්තිනාමයක්? ඔන්න පුළුවනි නම් ඉදිරියේදී කීර්තිනාමයක් ඇතිකරලා පෙන්වන්න මොකද අසුචි වලින් පිරුණු යටගියාව ඇවිස්සුවාම ගඳ ගහනවා.

:       0       1

සම්පත් Monday, 22 July 2024 08:20 AM

හැමදාම කරපු වැඩේ, එක දවසක අහුවෙලා... රේගු දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය ගොඩක් කාලෙක සිට නැති වෙලා තිබුනේ. අලුතින් නැති වෙන්න දෙයක් නෑ. පට්ට හොරු ඉන්න තැනක්...

:       0       2

Dharmatileke Monday, 22 July 2024 10:33 AM

පරීක්ෂණ මොකටද. ගෙදර යන්න පාර පෙන්නන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site