IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


වැරදි තීන්දුවක් මුදල් ඇමැති පෙන්වයි

(අජන්ත කුමාර අගලකඩ)

නව ආණ්ඩුව පත්වීමත් සමඟ බදු සහන ලබාදීමත්, රුපියල අනවශ්‍ය ලෙස අල්ලාගෙන සිටීමත් බරපතළ වැරදි තීන්දු බව මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ඊයේ (25) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

මේ අතර ඉකුත් යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයන් සදහා ලබා දුන් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි1800 ක පමණ මුදලක් වැඩිපුර ගෙවන්නට සිදුවී ඇතැයි ප්‍රකාශ කර ඇති ඇමතිවරයා ,එහෙත් එම මුදල ලැබෙන්නේ කෙසේදැයි කිසිවකුත් නොදන්නා බව සඳහන් කර ඇත.

රට පත්ව ඇති බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවද ඔහු සඳහන් කර ඇත.

නව කැබිනට් මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ රාත්‍රියේ පැවැත්විණි.

 



අදහස් (9)

වැරදි තීන්දුවක් මුදල් ඇමැති පෙන්වයි

saman Tuesday, 26 April 2022 08:57 AM

අදායම් බදු ඉවත් කර අහිමි වූ අදායම දුප්පතා පරිහරණය කරන භාණ්ඩ වල මිල ඉහල දමා එකතු කර ගැනීම වරදක් බව කප්‍රාල් දැනන් හිටයේ නැහැනේ..ආණ්ඩු විරෝධයේ මුල එය බව පාලකයන් දැන ගත යුතුයි. බන්දුලත් මෙයට වග කිව යුතුය.

:       0       0

Akila Tuesday, 26 April 2022 09:09 AM

දැන් බලාගෙන ගියහම ජනාදිපති ඇතුළු පොහොට්ටු ආණ්ඩුව හරි දෙයක් කරලම නැහැනේ , මෙතෙක් කල් මේ අර්බදය කොරෝන පිටින් දාල බේරෙන්න තමයි හැදුවේ

:       0       0

de silva Tuesday, 26 April 2022 05:47 PM

ඕකට වගකියන්න ඕනේ ගෝඨා, කපුටාස් සහ කබ්‍රාල්ලා තමයි.

:       0       4

පොඩි_එකා Tuesday, 26 April 2022 05:51 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්, අලි ෂබ්රි ඔයා බොරු කතාවක්නේ කියන්නේ.. රුපියල් 10000ක් වැඩිපුර ගුරුවරුන්ට දුන්නු නිසා තමයි රට මේ තත්වයට වැටුනේ කියලා පුදුම කතාවක්නේ... මේවා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න කියලා. එහෙමනං කෝ හොරකම් කරපු සල්ලි වලට ලෙජර් එක. IMF කියලා තියෙන්නේ සල්ලි දෙන්නේ නැහැ. රට බංකොලොත් නම් සහ අනිත් ණය කරුවන් (චීනය) ප්‍රතික්ෂේප කරලා අපිට ණය දෙනවාට.

:       2       4

U.D.A perera Tuesday, 26 April 2022 09:52 PM

ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්ව සිටින ජනතා නියෝජිතයින් ජනතාවගේ අසීරුතා පිළිබඳව කිසිඳු හැඟීමකින් තොරව තව තවත් රැඳී සිටීම ප්‍රතිඵල රහිතය. අඩ මසකටත් වඩා මුළු දේශයම එක හඬින් මේ අයව ප්‍රතික්ෂේප කරද්දී තව තවත් ජනතාව පීඩාවට පත් කිරීම ඉතාම කණගාටුදායකයි. ඉතා ඉක්මණින් විසඳිය යුතු ප්‍රශ්න රාශියක් මැද කෘෂිකර්මාන්තයට අදාල පොහොර, කෘමිනාශක හා ජනතාවට අවශ්‍ය ඖෂධ, ගෑස්, ඉන්ධන මෙන්ම ආහාර ප්‍රධාන වේ. මාස් කන්නයේ පාඩුව යල කන්නය පටන් ගන්නට පෙර රසායනික පොහොර ලබා දිය යුතුයි... මහින්ද මැතිතුමනි, මේ ඔබගේ පෞද්ගලික බූදලයක් නොවේ. විනාශ කළා ඇති.. අතීතයේ යහපත් දේ කළත් වර්තමානය ඔබ සහ අදාල අය කරන ලද දේවල් හදවත දනී. මිථ්‍යා දෘෂ්ටිවලින් ඈත්වී අත්හැරීම ගැන මෙනෙහි කර ඉවත් වන්න.

:       0       4

Sisira Meedeniya Wednesday, 27 April 2022 01:19 AM

රාජපක්ෂ පාලනය විසින් රජයේ සේවකයන් ලක්ෂ 15 දක්වා වැඩි කිරීම අලි සබ්රිට ආමන්ත්‍රණය කිරීමට නොහැකි වූ රජයේ අයවැයට ඇති ප්‍රධාන බලපෑමයි.

:       0       10

Rma bandara Wednesday, 27 April 2022 12:36 PM

වැටුපටත් කෙලවෙන පාටයි.

:       1       4

D A B SURAWEERA Thursday, 28 April 2022 01:17 PM

තීරණ අරං රිවස් කරන එකමයි මෙයාලගේ හැකියාව. බදු සහන දීපු එක වැරදි බව කවුරුත් දැනං හිටියා. ඒක කලේ එයාලාගේ අයට උදව් කරන්නයි.

:       0       0

Chandrasena Friday, 29 April 2022 06:20 AM

රටේම සල්ලි හොරා කාලා රටේ තත්වේ දැන් මහ ජනතාව තේරුම් ගත යුතුයි කියලා කියනවද? ඔබතුමා රටක ආර්ථිකය ගැන මොනවද දන්නේ...? තැන්පත්කරුවන්ගේ නඩු සඳහා බාරගත්තු මුදල් ආපසු දෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 226 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 750 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site