IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වැරදි අංක පෙන්වා මණ්ඩලේ ජනතාවගෙන් 15000ක් උදුරාගෙන

(අංජුල මහික වීරරත්න)

වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුගෙන් පසුගිය මාස හය ඇතුලත රුපියල්  15,000 ක මුදලක් අය කරගෙන ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය . 

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙසේ උපයාගත් රුපියල්  බිලියන 120 ක ලාභය මෙවර ගාස්තු සංශෝධනයේ දී ජූනි 31 වෙනිදාට පොළියත් සමග පාරිභෝගිකයා වෙත ආපසු ලබාදෙන ලෙස ද රණවක මහතා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.

මෙසේ අධික ගාස්තු සම්පාදනයකින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් උපයාගත් ආදායම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අවධානය යොමු විය යුතු බව  රණවක මහතා කීය.

මහජන උපයෝගීතා කොමිසම විසින් යෝජිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් සංවිධානය කරන ලද අදහස් විමසීමේ වැඩසටහනකට අද (9) සහභාගී වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.



අදහස් (2)

වැරදි අංක පෙන්වා මණ්ඩලේ ජනතාවගෙන් 15000ක් උදුරාගෙන

සුපුන් චාමර Tuesday, 09 July 2024 03:58 PM

මේක ඇත්ත. උදාහරණයක් විදියට අපේ ගෙදර ගත්තොත් මනු කියවන්න එන්න ඕන 12උනොත් එන්නෙ 14 හෝ 15. එවිට දින 30කට එන ඒකක ගානට වඩා 20ක් විතර ගිහින්. ඇහුවම කියනව දවස් ගාන දැම්මම ඒක හරි කියල. නමුත් ඒ දවසටම බිල හැදුවොත් රුපියල් 1000ක් විතර අඩුයි. නමුත් මොවුන් මේක පිලිගන්නෙ නෑ. මේ සම්බන්ධයෙන් කවුරු හරි කතා කරපු එක හොදයි.

:       0       0

Kamal Koyrala Wednesday, 10 July 2024 11:49 AM

ඔන්න හෙලයාගේ උරුමය රැක දෙන්න අවස්තාවක් පාඨලී නඩු දාන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site