ජූලි මාසයේ මෙරට උද්ධමනය සියයට 60.8ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනින මතුපිට උද්ධමනය මෙලෙස ඉහළ ගොස් තිබේ.
ඉකුත් ජූනි මාසයේ දී මෙරට මතුපිට උද්ධමනය සියයට 54.6ක් විය.
ගෙවුණු ජූලි මාසයේ දී ආහාර උද්ධමනය සියයට 90.9ක් දක්වාත්, ආහාර නොවන උද්ධමනය සියයට 46.5ක් දක්වාත්, ප්‍රවාහන උද්ධමනය සියයට 143.6ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
055
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට
මාන්නය Vs උද්ධමනය Friday, 29 July 2022 06:13 PM
දෙනකම් බලාගෙන ඉන්න ජාතියක්නේ..! රටවැසි විතරක් නොවේ.. අර 225ත්..! මාන්නය උද්ධමනයටත් වඩා ඉහළින් හිතුවාම... අන් රටවල දහදිය ඒ රටට අපේ ඩොලර් ගෙන්වා ගන්නවා..!
අනිල්Saturday, 30 July 2022 09:30 AM
දෙනකන් බලාගෙන ඉන්න එක හැමවෙලේම වැරදි නැහැ. මනුස්සයෙක්ට අවශ්‍ය මූලික අවශ්‍යතා නිදහසේ පාවිච්චි කරන්න ඉඩ හදලා දෙන එක රජයේ වගකීමක්... මොකද ලංකාවට අවශ්‍ය ගෑස්, ඉන්ධන වගේ දේවල් ආනයනය කරන්න හැකියාව තියෙන්නේ රජයේ ආයතන බහුතරයකට. විදුලි බල මණ්ඩලය, මුදල් අමාත්‍යංශ, කෘෂිකර්ම දෙපාර්තුමේන්තු ඇතුලු එකී මෙකී නොකී ඔක්කොම වගේ රජයේ ආයතන/දෙපාර්තුමේන්තු... එතකොට මිනිස්සුන්ට අඛණ්ඩව විදුලි සැපයුම දෙන්න බැරි වුනාම, ආහර සුරක්ෂිතතාව තහවුරු කරන්න බැරි වුණාම, තෙල් ටික දෙන්න බැරිවුණාම, අවශ්‍ය පොහොර ටික ආනයනය කරන්න බැරි වුණාම, රටේ ඩොලර් සංචිත පවත්වාගෙන යන්න බැරි වුණාම, උද්ධමනය පාලනය කරගන්න බැරි වුණාම වගේ දේවල් වුණාම පවතින රජය වගකීම ගන්න ඕනෑ. මොකද ඒ රජයේ ආයතන බහුතරයක් වැඩ කරන්නේ පවතින රජයේ ප්‍රතිපත්ති වලට අනුවයි. කෙටියෙන් කිව්වොත් කරගන්න බැරි නම් පෞද්ගලික අංශයත් හවුල් කරගන්න ඕනි. නැතුව කෙළවුනාම වැරද්ද මිනිස්සුන්ගේ කියලා බෝලෙ පාස්කරන එක නෙවෙයි. මිනිස්සු මේ කිසිදෙයක් (විදුලිය, ඉන්ධන, පොහොර) පිනට ඉල්ලුවොත් ඔයා කියන දේ හරි...
Sunil Saturday, 30 July 2022 09:36 AM
මේ රජය යටතේ විශිෂ්ඨ සාර්ථකත්වයක් පෙන්නුම් කරන්නේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යෑම පමණයි. අනේ වාසනාවන්...!