IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වායු රයිෆලයක් ගෙන ගිය කුවෙට් ජාතිකයා ගුවන්තොටෙන් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වායු රයිෆලයක් ගමන් බෑගය තුළ සඟවාගෙන කුවේට් රාජ්‍යය  බලා යෑමට උත්සාහ කළ කුවේට් ජාතිකයකු ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

මොහු කිසියම්  ආබාධ තත්ත්වයක පසුවන නිසා රෝද පුටුවක ආධාරයෙන් ගමන් කරන අයෙක් බව  ගුවන් තොටුපලේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

සැකකරු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ul229 දරණ ගුවන් යානයෙන් කුවේට් රාජ්‍යය  බලා යාමට පැමිණ ඇත .

ස්කෑන් යන්ත්‍ර  පරීක්ෂාවේ දී ඔහුගේ ගමන්මල්ලේ සඟවා තිබූ වායු රයිෆලය හොයා ගැනීමට  ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන්  සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වායු රයිෆලය  ද සමග වැඩිදුර පරීක්ෂණ සඳහා ගුවන්තොටුපල පොලිස් ස්ථානය වෙත පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

සැකකරු මෙම වායු රයිෆලය මහනුවර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලකින් මිලදී ගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වායු රයිෆලයක් වූයෙන් වුයේත් රජයට රැගෙන යෑමට උත්සහ කලේ කුමන අරමුණකින් ද යන්න ගැන සොයා ගැනීමට ද පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 

 

 



අදහස් (0)

වායු රයිෆලයක් ගෙන ගිය කුවෙට් ජාතිකයා ගුවන්තොටෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site