IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ව්‍යවස්ථා සභාව පිහිටුවීමට ගත් අලුත්ම තීරණ

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් අද හෙටම පත්කිරීමට තීරණය කර ඇත. 

ඒ අනුව ඒ සඳහා පත් කෙරෙන  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා කඩිනමින් කතානායකවරයාට බාර දීමට  අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා එකඟ වූහ.

එමෙන්ම,  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සමාජිකයන් වශයෙන් තෝරා පත් කර ගැනිම සඳහා අයදුම්පත් කැඳවමින් පුවත්පත් දැන්වීමක් පළ කිරීමටත්  ඒ සඳහා අයදුම්පත් යොමු කිරිම සඳහා  සති 02ක කාලයක් ලබා දීමටත්  තීරණය කර ඇත.

ඒ අනුව, එම  දැන්වීම දිනපතා සහ සති අන්ත පුවත්වල පළ කෙරෙන අතර අයදුපතෙහි ආකෘතිය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

විසි එක්  වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා  රැස්වීම් දෙකක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගිය 09 වැනිදා සහ ඊයේ (10 වැනිදා) පැවැත්විණ. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදී ය.

ඒ රැස්වීමට අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට  ජනාධිපතිවරයා විසින්  නම් කරන ලද නියොජිතයා වන අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුද  සහභාගී වූහ.



අදහස් (0)

ව්‍යවස්ථා සභාව පිහිටුවීමට ගත් අලුත්ම තීරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site