IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘වයඹ ප්‍රචණ්ඩ ක්‍රියා වෙසක් කඩාකප්පල්කිරීමට කළ දෙයක්’

(අංජුල මහීක වීරරත්න)
 
වයඹ පළාතේ හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වෙසක් උත්සවය මුළුමණින්ම කඩාකප්පල් කිරීම සඳහා කළ ඒවා බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා මගින් රජයට දැනුම් දී තිබේ.

වයඹ හා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව, සැලසුම්සහගතව කෙරී ඇති බවත් ඉහත ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රබලයන් සිටින බවත් රජයට ඉදිරිපත් කළ බුද්ධි අංශ වාර්තාවේ සඳහන්වේ.

සිද්ධියට අදාළ බුද්ධි වාර්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ(14) බාර දුන්නේය.

පාස්කු ප්‍රහාරයෙන් සති 3 ක් ගතවී තිබියදී වෙසක් සතියේම ඉහත සිද්ධීන් ඇති කිරීම මගින් වෙසක් උත්සවය කඩකප්පල් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වූ බව ඉහත බුද්ධි අංශ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

අයිඑස් සංවිධානයේ මරාගෙන මැරුණු කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන්ගේ බිරිඳකගේ ගම වන හෙට්ටිපොළ ප්‍රදේශයේ කඩාකප්පල්කාරී සිද්ධීන් ඇති කර ඇත්තේ ඉතා හොඳින් සංවිධානය වී බවද රාජ්‍ය බුද්ධි වාර්තාවේ සඳහන් වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(15) දහවල් ජ්‍යෙෂ්ඨ ඇමතිවරු සමඟ රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.



අදහස් (0)

‘වයඹ ප්‍රචණ්ඩ ක්‍රියා වෙසක් කඩාකප්පල්කිරීමට කළ දෙයක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16833 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 654 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site