IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට

(සුජිත් හේවාජුලිගේ)

ක්ෂේත්‍ර තවත්   14කින්  බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්  සියඹලාපිටිය  මහතා පැවසීය.

මහා පරිමාණ උපකාර පංති, පෞද්ගලික පාසල්,  පෞද්ගලික වෛද්‍ය සේවා ස්ථාන, ඉංජිනේරු සේවා ස්ථාන සහ   මිනින්දේරු සේවා  ඒ  අංශ දාහතරට ඇතුළත් වන බවද ඔහු සඳහන් කළේය.

එම  අංශවල ලියාපදිංචි වුණු සියලු දෙනාගේ ආදායම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයකුට අවස්ථාවක් නොදෙන බවද සඳහන් කළේය.

බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොතිබූ බව ඔහු කීවේය.

ඉහත ක්ෂේත්‍ර   14 අනිවාර්යයෙන්ම බදු ගෙවීම සඳහා ලියාපදිංචි විය යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.



අදහස් (8)

ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට

ජයනාත් Monday, 08 July 2024 08:42 PM

ඒ බදු බරත් ලමයින්ට , බෙහෙත් ගන්න යන ලෙඩාට පැටවෙනව. එච්චරයි .

:       0       0

සම් Monday, 08 July 2024 09:48 PM

සමහර පවුල් සිටිනවා සියලුම දෙනා ආදයමක් උපයනවා මහන්සි වෙනවා තවත් සමහර පවුල් වල එක් කෙනක් විතරයි ආදායමක් උපයන්නේ ඒ වගේ කෙනෙක්ට කොහොමද මේ බදු අය කරන්නේ ඔහු ලක්ෂ දෙකක් හෝ ඉට වැඩි පඩියක් ගන්නවා කියලා හිතමු ඔහු ඒ පඩියන් හෝ අදායමෙන් සිය පවුලම නඩත්තු කල යුතුයි නම් ඔහුත් බදු ගෙවිය යුතුද,,දන්න කෙනක් කියන්න දන්න කෙනක්.

:       2       6

රංබොඩ Monday, 08 July 2024 11:41 PM

මේවා රජයේ නියාමනයකට යටත් කරන එකයි පළමුව කළ යුත්තේ. රෙදි උඩදාගෙන බදු ගහනව කිව්වට අන්තිමට ඔය බද්ද ගෙවන්න වෙන්නෙනෙත් සාමාන්‍ය ජනතාවට . මොකද එයාලා බදු මුදල පාරිභෝගිකයත් ගෙන් අය කරන නිසා

:       1       5

Perera Tuesday, 09 July 2024 12:57 AM

ඔය ලැයිස්තුවට මැති ඇමැතිලාවත් දාගන්න

:       0       4

Kuma Tuesday, 09 July 2024 02:00 AM

නීතිඥවරුන්ට බදු දීලාද අහුවෙන්නේ නෑ. නීති හදන අය තමන් නැතිව අනිත් අයගෙන් තමයි ගන්ඩ බලන්නේ

:       0       4

Sisumini Tuesday, 09 July 2024 06:21 AM

පෞද්ගලික පංති කෙසේ වෙතත් පෞද්ගලික රෝහල් වලට බදු ගැනීම කාලය කා දැමීමට අකමැති ජනතාවට කරන බලවත් අසාධාරණයක් වෙනවා .උදාහරණයක් හැටියට මම මගේ දරුවාගේ දත් සම්බන්ධ කටයුතු සදහා මහ රෝහලට ගියේ දරුවා හත වසරේ ඉගෙනුම ලබද්දී තමයි .එහිදී කිව්වා අපි දැන්වීමක් කලාම එන්න කියලා ඔහොම යද්දී දරුවා උසස් පෙළ ලියා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී තමයි කැදවීමක් ලැබුනේ. වෙලාවක් නැහැ කියූ දොස්තර උතුමාණෝ දිනපතා පෞද්ගලික ස්ථාන කීපයක මාරුවෙන් මාරුවට කටයුතු කලා මේ අදහස ඉතාමත් නිවැරදියි පෞද්ගලික පංති වෙනුවට රජයේ ගුරුවරු මෙහෙයවන පංති වෙනුවෙන් ආයතන සංග්‍රහයේ තියෙන තමන්ගෙ නියමිත රාජකාරි වලින් පසුව කරන ඉපැයීම් වෙනුවෙන් නියමිත ගාස්තු අයකිරීම කරන්න. ඒකට විරුද්ධව යන්න කිසිම රජයේ නිළධාරින්ට හැකියාව නැහැ .මොකද එම කොන්දේසි වලට කැමැත්ත පලකොට සේවයේ යෙදීමට පොරොන්දු වෙලා සිටින නිසා

:       2       4

Lalla Tuesday, 09 July 2024 07:37 AM

මෙගා ටියුෂන් පංතිවල සිසුන් දහසේ සිට තුන්දහසක් පමණ ඉන්නවා. කණ්ඩායම් පංතී සහ කුඩා පන්ති වල පැයකට තුන්දහසකට දහස් දක්වා අයකරනවා එක සිසුවෙකුට. දේශීය ආදායම් මෙතෙක් කල් කලේ ලියාපදිංචිය ගත් අය එලවා එලවා පහර දීම. ඔවුන් බදු ගෙවන්නා සළකන්නේ හොරු විදියට. විශේෂයෙන්ම ව්‍යාපාරික ප්‍රජාවට. . ඇයි මෘදුකාංග නිරවද්‍ය කර ස්ථාපනය කරන්න බැරි. නිලධාරීන්ට මඩිය තරකර ගැනීමට නේද?

:       0       7

Harshana Edirisinghe Tuesday, 09 July 2024 11:17 AM

දැන්ද යකෝ උන්ට බදු ගහන්නේ ? මෙච්චර කල් පොල් ගෑවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site