(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනය පසුගිය වසර 20ක කාලයේදී ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නෙරන්ජන් ගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ පැවසීය .
සමහර මුදල් ඇතමුන්ගෙ සාක්කු වලට ගොස් ඇතැයි නැගෙන චෝදනා ප්‍රතික්ෂේප නොකරන බවද ඔහු සඳහන් කළේය.
ලේකම්වරයා මෙසේ පැවසුවේ තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ආයතනයේ කාර්ය සාධනය විමසීම සඳහා එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය .
මෙම ආයතනය නිසි පරිදි තොරතුරු ඉදිරිපත් නොකිරීමෙන් පාර්ලිමේන්තුව සහ විගණකාධිපතිවරයා මග හැර ඇතැයිද එහිදී තොරතුරු අනාවරණය විය.
ආයතනයේ 130ක පමණ නිලධාරින්ගෙන් දැනට සිටින්නේ අසූ හතක් පමණක් බවද ආයතනයේ නිලධාරීහු පෙන්වා දුන්හ.
එම ආයතනයේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා තවත් රැසක් සම්බන්ධයෙන්ද එහිදී තොරතුරු අනාවරණය විය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ව්‍යාපෘති මඟ නතර කිරීමෙන් කෝටි 3000 ක පාඩුවක්
ICT Thursday, 20 July 2023 08:40 AM
ගරු ලේකම් තුමා, ගරු සභාපතිතුමා, ඔබතුමාලා ඕවා දැන දැන තව මොනවාද කතාකරන්නේ. ඔබතුමාලා පත්කරලා තියෙන්නේ ආයතනය හරියට කරගෙන යන්න නේ. සුද්දේ දීලා වැඩේ පටන් ගන්න, නලවන්නේ නැතිව.