
(සුමිත් පොතුපිටිය )
ව්‍යාජ මැණික් කැට පෙන්වා ජනතාව මුලාකර ඒ වෙනුවට රණ්භාණ්ඩ හුවමාරු කරගත් තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීටියාගොඩ , නින්දාන ප්‍රදේශයේ පදිංචි 40 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරු තවත් දෙදෙනෙකු සමග එක්ව ව්‍යාජ මැණික් ගල්කැට ලබාදී ඒ වෙනුවට වටිනා රන් භාණ්ඩ ලබාගෙන තිබූ බවට ගාල්ල සහ කළුතර ප්‍රදේශයේ පැමිණිලි ලැබී ඇති බව පොලිසිය කීය.
රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා රන්මාල 2 ක්, රන් වලලු 2 ක් සහ රන් මුදු 2 ක්ද සොයාගත් බවත් අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ මැණීක් පෙන්වා රන් හුවමාරු කළ තුනක් අල්ලයි