(අංජුල මහික වීරරත්න)
වාමාංශික බල කොටු පවා අද රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද හුස්ම ගැනීමට හැකි රටක් නිර්මාණය කරදී තිබෙන බව කී ජනාධිපතිවරයා එදා රනිල් නොසිටියා නම් රටට කුමක්ද සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.
රනිල්ට රට හදන්න නිසි සැලැස්මක් තිබෙන බව කී විජයවර්ධන මහතා ඒ නිසා පක්ෂ පාට භේද නොමැතිව රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් සියලු දෙනා එකතුව සිටින්නේ යැයිද පැවසීය.
දොම්පේ ජනපතිවරණ ජනරැළිය අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
වාමාංශික බලකොටුත් රනිල්ට
අරවින්ද මොනරවිල Monday, 02 September 2024 01:10 PM
මෙයා දන්නවද දන්නේ නැහැ... වාමාංශික බලකොටු කියන්නේ මොනවාද ඒවා තියෙන්නේ? කොහේද කියලා...!
sunimalMonday, 02 September 2024 01:48 PM
මොණරවිල ඔයා ඇතුළු මාලිමා කාඩර්ල විතරමයි සියල්ලම දන්නේ. අනිත් මිනිස්සු මොකුත්ම දන්නේ නැහැ. වරක් හරිනි පාර්ලිමේන්තුවේදී කියනවා කල් නිකුත්වූ කඳුළු ගෑස් කියලා. නමුත් වෙන කෙනෙකුට ඔය වචනේ වැරදුණා නම් ඔහෙලා හිනාවෙන්නේ බඩ පිනුම් ගහලා. ඔයාලාගේ ඔන්න ඔය පණ්ඩිතකමයි, විරුද්ධ මතධාරීන්ට අපහාස කිරීමයි නිසා තමයි ගොඩක් මිනිස්සු ඔහෙලාට දෙන්න ඉන්න ඡන්දයත් නොදෙන්නේ...!
අරවින්ද මොනරවිල Monday, 02 September 2024 04:31 PM
සුනිමල් මැතිතුමනි, ඔබතුමා දන්නවා යැයි හිතාගෙන ඉන්න අය හොඳටම දන්නා නිසා තමයි රට බංකොළොත් වුනේ කියලා ඔබතුමාට තාම තේරුනේ නැහැ නේද? කදුළු ගෑස් විතරක් නොවෙයි, අනිත් හැමදේමත් එක්ස්ෆයර් වෙනවා. ඒකවත් නොදන්නේ ඔබතුමාත් රාජපක්ෂ වික්‍රමසිංහ සහ ප්‍රේමදාස නඩය වගේම හොඳටම දන්නා බව පෙනෙනවා. ඒ කොහොම වුණත් "ගොඩක් මිනිස්සු කාටද ඡන්ද දෙන්නේ කියලා ඔබතුමාට ලබන 22 දා බලාගන්න පුළුවන්...!
Prabha Monday, 02 September 2024 01:23 PM
වාමාංශිකයෝ වඳ වෙලා ගොඩක් කල් වෙනවා.
ලුම්බිණි Monday, 02 September 2024 01:32 PM
ප්‍රශ්නේ තියෙන්නේ රට හදන්න එකතු කරගෙන ඉන්නේ හොරු ටිකක් වීම...
DHARMATILEKE Monday, 02 September 2024 01:35 PM
බත්ගොටු නැතිවෙනකොට බලකොටු ගන්න කියනවා...
රටවැසියා Monday, 02 September 2024 01:48 PM
ලෝකෙත් නැති වාමාංශීක බලකොටු ලංකාවේ කොහේද තියෙන්නේ...?
ජයනාත් Monday, 02 September 2024 02:23 PM
ඔය බලකොටු වල ප්‍රතිඵල බලාගන්න පුළුවන් 22 එළිවෙන කොට.. මැති ඇමැතිවරුන් බාගන්න වියදම් කරපු සල්ලි අපරාදේ කියලා හිතේවි. අර නුවර එකෙක් කියලා තිබුණ එජාප අය වැඩ නැහැ පැත්තට වෙලා ඉන්නවා කියලා. නුවර විතරක් නෙවෙයි කියලා හිතා ගත්තොත් හොඳයි...
ගමේ එකාලා Monday, 02 September 2024 03:15 PM
සුනිමල් කියන්නේ මොලේ උඩ ඉන්න වහලෙක් වගේ... මාලිමාව වටා දෙස් විදෙස් විවිධ වෘත්තිකයින් එක්වී සිටිනවා. 76 වසරක් මාරුවෙන් මාරුවට බලයේ හිටපු, ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ මෙවර දේශපාලනයෙන් තුරන් කළ යුතුමයි...
sunimalMonday, 02 September 2024 04:29 PM
ගමේ එකාලා මම ඉහළින් කියපු දෙය හරියටම හරි කියලා ඔප්පුරලා පෙන්නුවාට බොහෝම ස්තූතියි. අනුන්ට අපහාස කිරීම ඔහෙලාගේ ජන්ම ගතියක්. මමත් මුල්‍යය පිළිබඳව ආචාර්ය උපාධි ධරයෙක්. දැන් මේ ලෝකේ ඉන්න ඔක්කෝම උගත්තු ඉන්නේ ඔයාලාගේ ගොඩේමද? ඔයා නම් අඩුම තරමින් ඕ ලෙවල්වත් පාස් කෙනෙක් වෙන්න බැහැ. මොකද ඔයාගේ කොමෙන්ටුවෙන් ඒ බව පෙනෙනවා... මෝඩයන්ට තර්කානුකුල බුද්ධියක් නැහැ. ඒ නිසා ඔවුන්ව රවට්ටන්න හරිම ලෙහෙසියි. වැඩිය ඉදිමෙන්න එපා. තවම ඔහෙලා දිනලා නැහැ. එනිසා උම්බෑ කියන්න එපා. ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් ලැබෙන්නේ නැහැ...
Kazi Shajahan Monday, 02 September 2024 04:18 PM
සිංහයෝ වගේ හිටපු වාමාංශිකයෝ අද බල්ලෝ වගේ වෙලා රනිල්ව ලෙවකාගෙන ඉන්නවා නම් කියලා අපිට දකිනවා.
Nishan Tuesday, 03 September 2024 04:07 AM
සැබෑ තත්වය නම් දවසෙන් දවස රනිල්ගේ ගොඩ වැඩිවෙනවා කියන එක. 21 වෙනකොට රනිල් උඩින්ම ඉන්නවා ස්ථිරයි.
Rohana Tuesday, 03 September 2024 01:28 PM
මෙයා හරියටම දන්නවද වාමාංශිකයො කියන්නෙ මොනවගේ අයද කියල.