IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


විමල්,වාසු,උදය කැබිනට්ටුවෙන් විසි වෙති?

(අජන්ත කුමාර අගලකඩ)

විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (03) ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලය ඊයේ දහවල් පැවැති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රැස්වීමකදී ඔවුන් මෙම ඉල්ලීම කර ඇතැයි දැනගන්නට ඇත .

විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමග පෙරේදා (02)රැස්වීමක් පවත්වා ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවද වාර්තා වේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් ආණ්ඩුව පිහිටු වූ දා සිටම ආණ්ඩුවට එරෙහිව කටයුතු කර ඇති බැවින්, ඔවුන් සමග ඉදිරියට ගමනක් නැති බව එම මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ .

එබැවින් ඔවුන් ඉවත් කර ආණ්ඩුව අලුත් ගමනකට මුල පිරිය යුතු බවද එම මැති ඇමැතිවරුන් එහිදී සදහන් කර ඇතැයි දැනගන්නට ඇත. ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මෙම තිදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ වෙනත් ගමනක් යාමට සූදානම් වන බවත් ,ඊට ඉඩදිය යුතු නැති බවත් එම මැති ඇමතින් පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත .

අගමැති මහින්ද රාජපක්ෂ ,ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ආචාර්ය සරත් වීරසේකර ,රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය ඇමතිවරුන් වන කාංචන විජේසේකර , ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, මධුර විතානගේ, ම්ලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ඊට සහභාගී වී ඇත .

 



අදහස් (5)

විමල්,වාසු,උදය කැබිනට්ටුවෙන් විසි වෙති?

SUNIL MILANO Thursday, 03 March 2022 08:43 PM

ඇත්තටම හරිම කණගාටුදායක ආරංචියක්.. මෙයනම් නොවිය යුත්තක්... මෙහෙම ගියොත් අපිටත් එපාවේවි...!!! 

:       0       0

chandima Thursday, 03 March 2022 08:46 PM

අන්න විජේවීර මහත්තයාගේ පුතා කට්ටිය හොයනවලු... ගිහින් බැලුවා නම්...?

:       0       0

Pradeep Thursday, 03 March 2022 10:11 PM

මේක තවත් නාටකයක්...!

:       0       0

විපරමා Thursday, 03 March 2022 10:25 PM

නැව ගිලෙන බව දැනගෙන මීයෝ ටික පනින්න බලාගෙන ඉඳලා තියෙන්නේ...

:       0       0

nimali Friday, 04 March 2022 12:02 PM

කෝ ඔයාලගේ අනිත් ජෝකර්...? බොරළුගොඩ ලොම් හැලුණු කෙනා...! තාම පොහොට්ටුවේ කටු කනවද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site