IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විමල්ගේ ‘නවය සැඟවුණු කතාව’ කෘතිය එළිදක්වයි

(යොහාන් භාසුර)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ‘ගෝල්ෆෙස් අරගලය’ පිළිබඳව රචනා කළ ‘නවය සැඟවුණු කතාව’ කෘතිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද  පස්වරුවේ එළිදැක්වීය.

නිට්ටඹුවේදී පසුගිය වසරේ මැයි 9 වැනි පිරිසකගේ පහර කෑමට ලක්ව ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ පුතු රනිඳු චන්දුල අතුකෝරළ මහතාට සහ රඹුක්කන ජන කැරැල්ලේදී පොලිස් වෙඩි පහරින් ඝාතනය වූ චමින්ද ලක්‍ෂාන් මහතාගේ බිරිඳ ප්‍රියංගනී මහත්මියට සහ දියණිය පියුමි උදේෂිකා ලක්‍ෂානිට එහිදී විමල් වීරවංශ ප්‍රථමයෙන්ම ‘නවය සැඟවුණු කතාව’ කෘති ප්‍රදානය කළේය.

විමල් වීරවංශ මහතා ඉන් පසුව මහා සංඝරත්නයට සහ විශේෂ ආරාධිතයන්ට කෘතිය පිරිනැමීය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන මහත්වරු මෙහිදී ප්‍රධාන දේශන පැවැත්වූහ.

මෙම අවස්ථාවට ඩලස් අගහප්පෙරුම, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද සහභාගි වී සිටියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (4)

විමල්ගේ ‘නවය සැඟවුණු කතාව’ කෘතිය එළිදක්වයි

Perera Wednesday, 26 April 2023 06:27 AM

විමලයා දැන් ජනතාවගේ පැත්තට සිග්නල් දාගෙන ගිහින් අවස්තාව ආවම ලස්සනට පොහොට්ටුව පැත්තට හරවාවි

:       2       4

prasanna Wednesday, 26 April 2023 07:45 AM

බොරු ගොතමින් චන්ද හිගමනෙ යන්න පටන් අරගෙන. ඔකට කියන්නෙ කපටි දේශපාලුවන්ගෙ චන්ද මාකටින් කියල.

:       2       5

හොර කතුවරයා Wednesday, 26 April 2023 10:10 AM

ඉදකින් මේ දේශපාලන පරයින්ගේ පුවත් දකිද්දිත් අප්පිරියයි...

:       2       3

නිහාල් Wednesday, 26 April 2023 03:04 PM

'ජාත්‍යන්තර කුමන්ත්‍රණ සහ යටිගිරිය' යන නමිනුත් කෘතියක් එළිදක්වන්න.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site