IMG-LOGO

වම්බටු අස්වැන්නට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රුපියල් ලක්ෂ 20 කට ආසන්න මුදලක් වැය කරමින් වගා කළ අක්කර 7ක වම්බටු වගාවේ අස්වැන්න අලෙවි කර ගැනිමට යාමට ඉන්ධන නොමැතිව අසරණ ඇති බව ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව වගාකරුවෙක් පවසයි.

කොට්ටුකච්චිය කච්චිමඩුව බෝගහපතහ ප්‍රදේශයෙ වසර 20 කට ආසන්න කාලයක් වගාකටයුතු සිදුකරන එච්.ජී.ප්‍රියන්ත නයනප්‍රිය මහතා මෙසේ අසිරුවට පත්වි සිටිති.

විවිධ අර්බුද හමුවේ මහත් අසිරුතාවයෙන් වගා කල වම්බටු වගාවේ අස්වැන්න නිසි මිලට අලෙවි කිරීමට රැගෙන යාමට ඉන්ධන සොයා ගැනිමට නොහැකි විම මත අස්වැන්න විනාශ වෙමින් ඇති බව වගාකරු පවසයි.

වසර 20 කට වැඩි කාලයක් පුරාවට වගා කටයුතු වල නිරත වී ඇති මෙම වගාකරු යටතේ දෛනිකව 20 කට ආසන්න පිරිසක් ජීවිකාව පවත්වාගෙන යාම සිදුවන බව කියති.

තමන් අසරණව ඇති ආකාරය පිළිබදව අදහස් දැක්වු එච්.ජී. ප්‍රියන්ත නයනප්‍රිය මහතා මෙසේ අදහස් දක්වන්නට විය.

“මම වසර 20 කට වැඩි කාලයක් වගා කටයුතු වල නිරත වෙනවා.වගා කරද්දි ලාබ පාඩු අපිට පුරුදු දෙයක්.පසුගිය අවුරුදු දෙක තුළ වගා කටයුතු කිරීම තරම් අසිරු වුනේ නැහැ කවදාවත්.

කොරෝනා මැද වගා කරද්දි විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වුනා.

ඉන් පස්සේ රසායනික පොහොර අයින් කරලා කාබනික පොහොර යොදන්න කටයුතු කලා.එතැනිනුත් අසරණ වුනා.

අවසානයේ රුපියල් තුන් හාර දහසට තිබුන පොහොර මිටිය මේ වෙන විට රුපියල් 40000ක් ( හතලිස් දහස) දක්වා මිල ඉහල ගිහින්.ඒ සියල්ලම දරා ගෙන වගා කරද්දි අවසානේදී දහදුක් විදලා වගාකරපු වගාවේ අස්වැන්න විකුණ ගන්න අරන් යන්න ඉන්ධන ටික නැතුව අසරණව වෙලා .

මේ වෙද්දි මගේ අක්කර 7 ක වගාවෙන් සතියකට වම්බටු කිලෝ 2000 ක විතර අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.නමුත් ඩිසල් නොමැති නිසා බටු ගස්වල මෝරනවා.සමහර ඒවා කුණු වෙනවා .

අනිත් ඒවා ගස් වලින් කඩලා වල් අලින්ට කන්න කෑලැවට ගිහින් දානවා.මොකද

ලක්ෂ 20 ක් විතර වියදම් කරලා තවත් වියදම් කරනවා ඩිසල් අද නැත්නම් හෙට එයි කියලා.නමුත් ඩිසල් ආවත් අපිට පහසුවෙන් ගන්න විදිහක් නැති වුනා.ඉදිරියෙදිත් ඒ විදිහටම වෙයි කියලා සැකයි.

ඒ නිසා මම ලක්ෂ විස්ස වියදම් කරලා තාම උපයා ගෙන තිබෙන්නේ ලක්ෂ දෙක තුනක් විතරයි.

නමුත් ඩිසල් තිබුනා නම් අද වම්බටු වලට තිබෙන ඉහල මිලත් එක්ක මම මුදලයි ලාභයි දෙකම මේ වෙද්දි අරගෙන.නමුත් මේ වෙද්දි සියල්ලම ඩිසල් නැති වෙලා ගිහින්.

අපිට සහනයක් වෙන්න වගකිව යුතු නිළධාරින් දක්වන සහාය මදි කියලා තමයි කියන්න පුළුවන්.ඩිසල් ටික ගන්න ලිපි ටික හදා ගන්න ගිහාම හිතුනා ඇයි අපි මේ විදිහට වගා කරන්නේ කියලා .

මම බලධාරින්ට කියන්නේ අපි වෙනුවෙන් මැදිහත් වෙන්න කියලා විතරයි.

 



අදහස් (0)

වම්බටු අස්වැන්නට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 625 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 352 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 494 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site