IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විභාග දින හිතුමතේ වෙනස් කරන්න බැරි වෙන්න නීතියක් එයි

(අංජුල මහික වීරරත්න)

අපොස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග 2025 වසරේ  සිට නියමිත කාලයේ දී පැවැත්විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට උපදෙස් ලබාදී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ  පැවති හමුවකදී ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට මේ උපදෙස් ලබා දී ඇත.

දැනට තීරණය කෙරී ඇති ආකාරයට මේ වසරේ විභාග පවත්වන ලෙසත් 2024 වසරේ  විභාග ද ඒ වසරේම පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙසත් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් වල සඳහන්ය.

2025 වසරේ සිට නියමිත අයුරින් දරුවන්ට බරක් නොවන පරිදි විභාග පවත්වන්නට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම විභාග නිසි කලට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු නීතියකින් ම කටයුතු සම්පාදනය කරන ලෙසද ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාට දුන් උපදෙස් වල දැක්වෙයි.

එලෙස විභාග පවත්වන නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත්කළ පසු එය දරුවන්ට විභාග වලට සූදානම් වීමට පහසුවක් වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.

විභාග පවත්වන දිනය නීතියකින් නිශ්චිත කිරීමේදී දේශපාලන අධිකාරියට හෝ වෙනත් කිසිවකුට එය වෙනස් කිරීමට නොහැකි වනු ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මෑත දිනකදී අධ්‍යාපන විශේෂඥයන් ද ජනපතිවරයා  අමතමින් සඳහන් කර තිබූයේ මෙරට විභාග කල් යෑමෙන් දරු පරපුරට විදේශ විශ්ව විද්‍යාල මඟින් ලැබෙන ශිෂ්‍යත්ව හිමිවීම,නිකරුනේ වයස් සීමා ගත වී යෑම ඇතුළු අහිතකර ප්‍රතිවිපාක රැසකට මුහුණ දීමට සිදුවන බවයි.



අදහස් (7)

විභාග දින හිතුමතේ වෙනස් කරන්න බැරි වෙන්න නීතියක් එයි

චන්දන Saturday, 07 October 2023 08:16 AM

විභාග නියමිත දිනවලට පැවැත්වීම දේශපාලන අධිකාරියෙන් බැහැරව සිදුවිය යුතුයි. මේ වනවිටත් රඡයේ පාසල් පද්ධතිය බිඳ වැටෙමින් තියෙන්නේ... ලන්ඩන් විභාගවලට ඇති හැකි අය යනවා. නැති බැරි අහිංසකයින් ලංකාවේ විභාග බලාගෙන වයස ගෙවනවා. දැනටත් 9, 10 පන්තිවල අය ලන්ඩන් විභාගවලට ලියන ප්‍රවණතාව වැඩියි. ටියුෂන් කාරයින් තමයි විභාග පාලනය අතට අරන් තියෙන්නේ. ඔවුන් විභාග කල් දම දමා සල්ලි හොයනවා. ඔය කවුරුවත් ඉන්නවාද විභාගය කල් ගියා කියල සල්ලි නොගෙන උගන්නන අය?

:       1       7

NimalSaturday, 07 October 2023 06:13 PM

හරියටම හරි.. සල්ලි තිබ්බොත් ගොඩ...

:       0       1

pakeer Saturday, 07 October 2023 08:44 AM

වුණාම බලමුකෝ...!

:       3       1

suminda Saturday, 07 October 2023 08:54 AM

බොහෝමයක් හිතුමතේ තමයි කරන්නේ... වගකීමක් ඇතිව වැඩකරන කිසිවෙක් නැහැ. නීති දැම්මාට වැඩක් නෑ.. ඒවා හරියට ක්‍රියාත්මක වෙන්න ඕනෑ. අපේ රටේ පාර්ලිමේන්තුවේ 225න් රටේ සමස්ථ ජනමතය නියෝජනය නොවේ. අඩුම ගානේ පාර්ලිමේන්තුවේ 225හේ මතය නියෝජනය නොවේ. කිහිප දෙනෙකුගේ මතය පමණක් නියෝජනය වෙයි. රට කඩාවැටෙන්න හේතුවම එයයි...

:       1       3

කිරිපුතා Saturday, 07 October 2023 09:30 AM

විභාග පැවැත්වීම මෙන්ම එහි ප්‍රතිඵලද නියමිත කාලය තුළ ලබාදිය යුතුයි. ඒ කාලයම අල්වා රුපියල් ඉල්ලා වැඩවරන උගතුන් මේ ගැන සැලකිලිමත් විය යුතුයි...

:       1       2

NImal Saturday, 07 October 2023 09:45 AM

අපි නම් ඔන්න ඔව්වා වෙනස් කරන්නේ නෑ. ඔබතුමන්ලාම තමයි මේ දේත් කරන්නේ...!

:       1       3

Saman Saturday, 07 October 2023 10:55 AM

හොඳ තීරණයක්. ඒත් විභාගෙ විතරක් වෙලාවට තියලා මදි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් හරියට කෙරෙන්න ඕනේ. එක පාරක් කොරෝනා කියලා වැහුවා. ඊළඟට තෙල් නැතුව වැහුවා. ඡන්දේ තියපු වෙලේ සැනිටයිසර් නාන්න වුණත් තිබ්බා. ඒත් විභාගෙට ඒ කිසි දෙයක් නෑ. කොරෝනා ඉවරවෙලා අවුරුදු දෙකයි. සුසිල් ඔයා පොලේ ගියපු එකයි එහාටයි මෙහෙටයි පැනපු එකයි හැර ඊළඟ ව්‍යසනයට සූදානම් වුණාද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site