IMG-LOGO

විභාග කාලසටහන මැතිසබේදී ප්‍රකාශයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

අපොස උසස් පෙළ, අපොස සාමාන්‍ය පෙළ   සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) ප්‍රකාශයට පත් කළේය.

ඔහු එම දින වකවානු ප්‍රකාශ කළේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා සභාව  කල්තබන අවස්ථාවේදී  යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා  මෙසේද ප්‍රකාශ කළේය.

" පසුගිය  උසස් පෙළ විභාගයේ  ප්‍රතිඵල   ලබන අගෝස්තු මාසයේදී නිකුත් කෙරෙනවා. මීළඟ උසස් පෙළ විභාගය ඒ  ප්‍රතිඵල නිකුත් කර අඩු තරමින් මාස තුනකින් පසු බොහෝවිට නොවැම්බර් දෙසැම්බර් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. එසේම මේ වසරේදී පැවැත්විමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය උසස් පෙළ ආරම්භ කිරීමට පෙරාතු දිනයක පවත්වීමට  අපේක්ෂා කරනවා. මේ වසර අවසානයේ තිබෙන අපොස  සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මාර්තු පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා.

ප්‍රධාන විභාග දෙකක් අතර යම් කාල පරිච්ඡේදයක් අවශ්‍ය කටයුතු සැලසුම් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට  ලබාදීම අවශ්‍යයි. අපොස උසස් පෙළ විභාගය පසු ගිය සැරේ   පැවැත්වුණා. ඒ විභාගයේ ප්‍රතිඵල පරික්ෂා කිරීම අවසන් අදියරේ පවතිනවා.

කොවිඩ්  තත්වය නිසා 2020- 21 වර්ෂවලදී   බස්නාහිර පළාතේ පාසල් කාලය  සියයට 50කින් පමණ අහිමි වුණා. පිට පළාත්වල එම කාලයේදී අහිමිවුණු පාසල් කාලය සියයට හතළිහකි.



අදහස් (0)

විභාග කාලසටහන මැතිසබේදී ප්‍රකාශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 383 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 269 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site