(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙනෝ දහසක් දෙනා බලා සිටියදී පුද්ගලයන් දෙදෙනකු අද (28) දහවල් බණ්ඩාරගම නගර මධ්‍යයේදී යකඩ පොලුවලින් වෑන් රථයක රියැදුරුට සහ ඊට යාබද අසුනේ සිටි පුද්ගලයකුට පහරදී පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
එම පහර දීමෙන් වෑන් රථයේ රියදුරු අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇත. මාර්ග සංඥා නීති නීති වලට අවනතව වෑන් රථ රියදුරු සිය වාහනය පැදවීමේ දී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනාගෙන් දෙදෙනකු මෙම පහර දී ඇතැයි පොලිසිය කියයි.
පලා ගිය පුද්ගලයාගේ ලෙස පහර දෙන අයුරු ඒ ආසන්නයේ සිටි පුද්ගලයකු ජංගම දුරකථනයෙන් වීඩියෝ කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පහර දුන් බව කියන පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය කියයි.
පහර කෑ පුද්ගලයන් බණ්ඩාරගම බමුණුමුල්ල පදිංචිකරුවන් ය.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
බණ්ඩාරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
වෑන් රියැදුරු ඇතුළු දෙදෙනකුට බණ්ඩාරගමදී කඩු පොලුවලින් පහරදීලා
නිලාන් Thursday, 28 July 2022 07:31 PM
නීතියක් නැති දේශයක්
Sameera Friday, 29 July 2022 02:38 AM
අරගලකරුවන් දන්නේ නැහැ... රට වෙනුවෙන් අරගල කරපු නායකයන් අත්අඩංගුවට ගත නොහැකියි!