(ක.ග.කරුණාරත්න සහ ලයනල් සිල්වා)
පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුංගාවිල වනජීවී බීට්ටු කාර්යාලයට ආසන්නයේදී අද (05) වන අලියෙකු පහරදීමෙන් හිමිනමක් අපවත්වී ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි.
මෙසේ ජීවිතක්ෂට පත්ව ඇත්තේ සෝමාවතිය සෑරදුන් වන්දනා කිරීම සඳහා ගම්පහ දොම්පේ ප්‍රදේශයේ පිහිටි ආරණ්‍ය සේනාසනයක සිට වැඩමකල ගිරිතලේ මෛත්‍රී නැමැති 40 හැවිරිදි හිමිනමකි.
මෙම ස්වාමීන්වහන්සේ ඇසල පුරපසලොස්වක පොහෝ දිනයේ සෝමාවතිය පුදබිම වෙත වැඩමකර අද(05)අලුයම ආපසු පාගමනින් සුංගාවිල දෙසට එමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇතිබව පොලීසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණයවී තිබේ.
උන්වහන්සේගේ දේහය හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට අද (05)උදේ රැගෙන එනු ලැබීය.
පුලස්තිපුර පොලීසිය මේ පිලිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි පහරින් හිමිනමක් අපවත් වෙති
Senarath Wednesday, 05 July 2023 03:43 PM
උන් වහන්සේට නිවන් සුව අත්වේවා...!
ගමේ එකාලා Wednesday, 05 July 2023 05:51 PM
අලි නිකමටවත් සිරිකොත පැත්තේ, දියවන්නාව පැත්තේ යන්නේ නැති හැටි... ගම්වල අහිංසක මිනිස්සුන්ට නම් හිරිහැර කරයි.