IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වන අලි ඉන්න තැන් සංවර්ධන වැඩට නොදෙන්න තීරණයක්

 

(අංජුල මහික වීරරත්න)

වන අලින්ගේ වාස භූමි  ලෙස හඳුනාගෙන තිබෙන ප්‍රදේශ මින් ඉදිරියට ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීරණයක් ගන්නා බව වනජීවී සහ වන සංරක්ෂණ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මින් ඉදිරියට සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දීමේදී දෙවරක් සිතා බලන බවද අමාත්‍යවරයා කීය.

පාරිසරික ඇගයීම් නොසලකා හරිමින් වන අලින් ජීවත් වන ප්‍රදේශ මිනිසුන් විසින් ආක්‍රමණය කිරීම අලි මිනිස් ගැටුමට හේතුවක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වන අලි ගහනය 2011 සිදු කරන ලද  සංගණනය අනුව පන්දහස ඉක්මවන බවත්, අලි මිනිස් ගැටුම නිසා සෑම වසරකම වන අලින් මෙන්ම මිනිසුන් ද මරණයට පත්වන බවත් අමාත්‍යවරයා කීය.

අගෝස්තු 12 වැනිදාට යෙදෙන ලෝක වන අලි දිනය නිමිත්තෙන් මාධ්‍යට ප්‍රකාශයක් කරමින් වනජීවී සහ වනසංරක්ෂණ  අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූයේ මෙවර ලෝක වන අලි දිනයේ  තේමාව පූර්ව ඓතිහාසික සුන්දරත්වය, ආගමික අදාලත්වය හා පාරිසරික වැදගත්කම ( Pre historic Beauty, Theological Relevance and Environmant Importance ) බවයි.



අදහස් (7)

වන අලි ඉන්න තැන් සංවර්ධන වැඩට නොදෙන්න තීරණයක්

ජගත් ලියනගේ Thursday, 11 August 2022 03:56 PM

ඕකට මෙහෙම විසඳුමකුත් තියනවා . ඔක්කෝම වල් අලි ටික නැති කරල දාල කියන්න පුලුවන් "දැන් ලංකාවේ එහෙම සත්තු ජාතියක් නැහැ ඒක නිසා සංවර්ධන වැඩකටයුතු වලට යොදා ගන්නවා" කියල . කොහොමද ටිකිරි මොළය?

:       3       3

" උපත් පාලනය " Thursday, 11 August 2022 04:32 PM

අලියගෙ කරඅඹන්න බැහැනේ මොකද ඒ ග්‍රන්ථි ඇඟ ඇතුලෙනෙ තියෙන්නේ.... ඉතින් වනසංරක්‍ෂණ නිලධාරින්ට කියලා දෙන්න අලියන්ගෙ උපත් පාලනය කරන විදියක්..! එවිට ගමකට අවශ්‍ය අලි ගනනය මනාව පාලනය වෙයි!

:       5       1

ganegoda Thursday, 11 August 2022 04:48 PM

සත්ව කරුණාවේ සංකේතයක්... ගොඩක් පින්

:       1       2

chandima Thursday, 11 August 2022 10:38 PM

ඒ කියන්නෙ පර්ලිමෙන්තුවෙ කිසිම සංවර්දනයක් කරන්නෙ නැහැ?

:       0       3

PereraFriday, 12 August 2022 05:12 AM

පාර්ලිමේන්තුවට අදාළ නැහැ එතන හිටපු නාකි අලියත් දැන් වෙනත් කැලේකට ගිහින් දැන්

:       0       3

විජේ Friday, 12 August 2022 01:14 AM

නූල් සුත්තර රාළලාගේ අමරවීර...

:       0       1

sharm warn Friday, 12 August 2022 11:40 AM

ආ දැන් ඔබගේ නායකයා වෙලා ඉන්නේ නාකි තනි අලියෙක් නිසා අලින් ගැන සත්ව කරුණාවක් පහල වුනාද? තේරුනේ දැන් තමයිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 498 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site