
(බී .ජී චතුරංග සහ කුෂාන් ජයවර්ධන)
ගම්පොළ ප්‍රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන ගල්කුලම නගරයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් එම බස් රථය ගිනිගෙන විනාශයට පත් වූ බව කවරක්කුලම පොලිසිය පවසයි.
මහනුවර යාපනය ඒ නවය මාර්ගයේ පිහිටි ගල්කුලම ඉදිකිරිම් යන්ත්‍ර මෙහෙයුම් ශිල්පි විදුහල ඉදිරිපිටදි මෙම බස් රථය හදිසියේ ගිනි ගැනිමකට ලක්ව ඇති බවත් බස් රථයේ ඇති වු හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුවන්නට ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.
පොලිසිය සහ අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් එක්ව එම හටගත් එම ගින්න කඩිනමින් නිවා දැමීමට කටයුතු කළ ද එම බස් රථය සම්පූර්ණයෙන්ම ගින්නට හසුව විනාශයට පත්ව තිබුණි.
එම වන්දනා බස් රථයේ පුද්ගලයන් 11 දෙනෙකු පැමිණ ඇති අතර ගිනි ගැනීම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොවි ඇති බවද පොලිසිය සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
863
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2496
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වන්දනාවේ පැමිණි බසයක් ගිනි ගනී