(ඉන්දිකා රාමනයාක,නිමන්ති රණසිංහ, උපාලි ආනන්ද)
වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවට කියන යුද හමුදා මේජර් ජෙනරාල්වරයා හබරණ පොලිසියට බාරවීමෙන් පසු අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකාර මේජර් ජෙනරාල්වරයා අද පෙරවරුවේ හබරණ පොලිසියට ස්වෙච්ඡාවෙන් පැමිණ ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අත්අඩංගුවට ට ගත් යුද හමුදා මේජර් ජනරාල්වරයා කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය
මෙම මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කැකිරාව මහේස්ත්‍රාත්වරයා කැකිරාව පොලිසියට ඊයේ (30) නියෝගයක් නිකුත් කර තිබිණි .
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනජීවි නිලධාරියාට පහරදුන් යුද හමුදා මේජර් අත්අඩංගුවට
maalaka Thursday, 01 July 2021 10:08 AM
මෙන්න, වීරයන්ව අත්අඩංගුවට ගන්නවෝ... කෝ මේ සේන..?
නානායක්කාර Thursday, 01 July 2021 12:20 PM
හමුදා සාමාජිකයන් සංග්‍රාමික නීතියට වගේම රටේ පොදු නීතියටත් යටත් වෙනවා. තවම මේ අය ඉන්නේ යුද්ධ මානසිකත්වයේ. මේ සිදුවීම සැලකිල්ලට ගත්තම පෙනෙන්නේ තමන් රටේ පොදු නීතියට යටත් නැති බවට හැඟීමක් ඔවුන් තුළ තිබෙන බව... හමුදා නීති අංශයේ ප්‍රධාන වගකීමක් විය යුත්තේ හමුදාවේ සාමාජිකයින්ට රටේ නීතිය ගැන හොඳ දැනුමක් ලබාදීම.