( දිල්රුක්ෂි ග්‍රේරු)
මාතලේ දිස්ත්‍රික්කයේ , ලග්ගල පල්ලේගම වනජීවී කාර්යාලයේ මෙහෙයවීමෙන් වන අලි මිනිස් ගැටුම කළමනාකරණය පිළිබඳව ග්‍රාමිය ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කිවුලේවාඩිය ගම්මානයේදී පැවැත්විණි.
මෙහිදී ජනතාව දැනුම්වත් කිරීම , අලිවැට දෙපස කැලෑ කපා සුද්ද පවිත්‍ර කිරීම ආදි ප්‍රජා සත්කාර රැසක් සිදු කෙරුණු අතර ගම්මානයේ මාර්ගවලට විදුලි පහන් සවි කිරීම ලග්ගල ප්‍රාදේශිය සභාවේ මැදිහත්වීම මත සිදු කෙරිණි.
වනජීවි අධ්‍යක්ෂක ජනරාල් එම්.ජී.සී.සූරිය බණ්ඩාර , සහකාර අධ්‍යක්ෂක එම්.එල්.පී එදිරිසිංහ, උද්‍යන භාරකාර පී.බී.බී මඩුගල්ල සහ විල්ගමුව අඩවි ආරක්ෂක ආර් එම්.යූ.පී රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ ලග්ගල වනජීවි කාර්යාලයේ වනසත්ව අඩවි සහකාර එස්.ඩබ්ලිව්. සංජීව මහතාගේ මෙහෙයවිමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න, ලග්ගල පොලිස් ස්ථානයේ පරිසර හා ප්‍රජා පොලිස් එකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්.ජී.ඒ රාජපක්ෂ , කිවුලෙවාඩිය ග්‍රාම නිලධාරී පී ජී කේ ජී ආර් පහළගේ යන මහත්වරුද , වනසංරක්ෂණ නිලධාරින් සහ කිවුලේවාඩිය විවේකාන්දාරාම විහාරස්ථානයේ හෙට්ටිපොල සුමනතිස්ස හිමි ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘වනඅලි මිනිස් ගැටුම් කළමණාකරණය‘ කිවුලවාඩියේදී