IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විධායක කමිටු අනුමැතිය දෙන්න එකඟ නිර්දේශ ක්‍රියාත්මක කරන්න

(විමුක්ති එස් රුද්‍රිගු)

දෙවැනි සමාලෝචනයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විධායක කමිටුවේ අනුමැතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකාව කරුණු දෙකක් සම්පූර්ණ කළ යුතු බව එම අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.

විධායක කමිටු අනුමැතිය ලබා ගැනීම සඳහා පළමුව ශ්‍රී ලංකා රජය පෙර එකඟ වූ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත් දෙවනුව මූල්‍ය සහතික සමාලෝචනය අවසන් කළ යුතු බවත් කොසැක් මහත්මිය පැවැසුවාය.එමගින් බහුපාර්ශ්වීය හවුල්කරුවන් ලබන මූල්‍ය දායකත්වය තහවුරු වනු ඇතැයි ඇය ප්‍රකාශ කළාය.ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකිරීමේදී ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේ දැයි මූල්‍ය සමාලෝචනය මගින් ඇස්තමේන්තු කරනු ඇතැයිද කොසැක් මහත්මිය පැවැසුවාය.

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ඵල දරමින් තිබෙන බවත් උද්ධමනය පහළ දැමීම සඳහා ගෙන ඇති ක්‍රියා මාර්ග සතුටුදායක බවත් ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය.ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය වීමේ සහ මූල්‍ය පද්ධතිය ස්ථාවර වීමේ මුල් සලකුණු පෙන්නමු කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ඉතාමත් සතුටුදායක බවත් සන්නිවේදන අධ්‍යක්ෂකවරිය පැවැසුවාය.



අදහස් (2)

විධායක කමිටු අනුමැතිය දෙන්න එකඟ නිර්දේශ ක්‍රියාත්මක කරන්න

ජගත් ලියනගේ Friday, 17 May 2024 04:39 PM

ඉතාමත් සතුටු දායක නම් ඉතුරු ටිකත් දීලා දාන්නකෝ...!

:       3       9

ravin Friday, 17 May 2024 06:08 PM

පොඩි අප්සට් එකකට තියෙන්නේ කම්බ හොරු ටික දත කට මැදගෙන අලුත් ඇඳුම් මහගෙන උන්නේ නැවත සුපුරුදු වැඩේ පටන් ගන්න. බැරිද ඔය ඉතුරු ටිකත් දෙන්න? එතකොට ඉන්නවත් කාලාම මැරිලා යයි...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site