IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුහල්පතිවරිය-පොලිස් නිලධාරීන් ළමා අධිකාරියට කැඳවයි

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරියගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින්  පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය (කරන්ට්) වැදීමට  සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජාතික ළමාරක්ෂක අධිකාරිය ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම විදුහල්පතිවරියටද  ගුරුවරියකට   සහ  පොලිස් නිලධාරීන්   තිනෙකුටද  ඒ ආයතනය හමුවේ හෙට (8) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.

මේ සම්බන්ධයෙන් අප ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය  උදයකුමාර අමරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීම සඳහා ඔවුන් මෙසේ කැඳවා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට හෙට (8) කරුණු වාර්තා කරන බවද  ඔහු සඳහන් කළේය.



අදහස් (3)

විදුහල්පතිවරිය-පොලිස් නිලධාරීන් ළමා අධිකාරියට කැඳවයි

අධික මිලැති නීතිය Monday, 07 November 2022 03:04 PM

මේ විදුහල්පතිවරියගෙන් ඉගෙනගෙන නීතීඥයෙක් වුනු කෙනෙක්ම මේ නෝනාව බේරලා දේවි..!

:       1       3

Sisira Monday, 07 November 2022 04:06 PM

මේවා කරන්නේ පොඩි ළමයි නැති මනුස්සයෝද?

:       0       13

sharm warn Tuesday, 08 November 2022 11:00 AM

ඇත්තටම මේ පොලීසියේ ඉන්නේ අමනුස්සයො වෙන්නම ඕනි. අවුරුදු 10 ළමයෙකුට මේ වගේ අමානුෂික දඬුවම් දෙන්නේ කොහොමද? උන්ට මේ වයසේ ළමයි නැද්ද? ඇයි ඒ පොලිස්කාරයන්ව තවදුරටත් සේවයේ තියාගෙන ඉන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 176 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 155 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site