IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


විදෙස් සංචාරකයන්ගේ නිදහස වැඩි කරන්න ආරක්ෂක දැලක්

(අංජුල මහික වීරරත්න)

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා ඔවුන්ට නිදහසේ සංචාරය කිරීමට අවශ්‍ය වටපිටව සකස් කිරීමට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංකාවට එන සංචාරකයන් ත්‍රිරෝද රථ හිමියන්ගේ විවිධ අකටයුතුකම් නිසා පීඩාවට පත්වන බවටත් යම් පිරිසක් ඔවුන්ගේ දේපොළ සොරකම් කරන බවටත් සංචාරක හෝටල් හිමියන් පිරිසක් විසින් කළ දැනුම්දීමකට අනුව සාගල රත්නායක මහතා මෙම උපදෙස් දී තිබේ.

ඉකුත් සතියේ මහා පරිමාණ සංචාරක හෝටල් හිමියන් සේම කුඩා හෝටල් හිමියන් ද ඇතුළුව පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක  ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මුණ ගැසී මේ කරුණු පැමිණිලි කර තිබිණි.

එහිදී හෝටල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර මේ වන විට රටෙි ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් නැතත් විමසිල්ලෙන් සිටීම සුදුසු බව සාගල රත්නායක මහතා පෙන්වා දී තිබේ. 

එසේම හෝටල්වල පිහිටීම පිළිබඳ දළ සැලැස්මක් ආරක්ෂක අංශ සතුව තිබිය යුතු බව ද මෙහිදී රත්නායක මහතා  අවධාරණය කර තිබේ.



අදහස් (1)

විදෙස් සංචාරකයන්ගේ නිදහස වැඩි කරන්න ආරක්ෂක දැලක්

පැරකුම් Saturday, 29 April 2023 10:25 AM

දැල් දාලා මේවා නවත්තන්න බැරිබව රජයට අවබෝධ නොවීම අපගේම අවාසනාවයි. ජනතාවගේ ආර්ථිකය නැංවූ විට මේ ප්‍රශ්න ඉබේම නිරාකරනය වනු ඇත. ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට රජය යුහුසුලු විය යුතුයි. එසේ නොමැතිව මෙවැනි පැලැස්තර දැමීමෙන් කාලයත්, මුදලත් නාස්ති වේ.

:       14       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 211 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 721 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1134 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site