IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 10 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි මහකොමසාරිස්වරු 3 දෙනෙක් සහ තානාපතිවරු 7 දෙනෙක්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (30)  සිය අක්ත පත්‍ර බාර  දුන්හ.

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජය, උගන්ඩා ජනරජය සහ සීෂෙල්ස් ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරු ද, පැනමා ජනරජය, බෙල්ජියම් රාජධානිය, හෙලනික් ජනරජය, සිරියානු අරාබි ජනරජය, කොරියානු ජනරජය සහ හංගේරියාව සඳහා නව තානාපතිවරු ද මෙලෙස පත්ව සිටිති.

අලුතින් පත්ව පැමිණි මහ කොමසාරිස්වරුන්ගේ සහ තානාපතිවරුන්ගේ නම් පහත පරිදි වේ. 

01. ආචාර්ය රොජර් ගෝපෝල් මහතා (Dr. Roger Gopaul) ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ජනරජයේ මහ කොමසාරිස් 

02. එලිජියො ඇල්බර්ටො සලස් ඩි ලියොන් (Eligio Alberto Salas De Leon) පැනමා ජනරජයේ තානාපති

03. ඩිඩියර් වැන්ඩර්හසෙල්ට් මහතා (Mr. Didier Vanderhasselt) බෙල්ජියම් රාජධානියේ තානාපති

04. මහාචාර්ය ජොයිස් කේ කිකාෆුන්ඩා මිය (Prof. (Ms.) Joyce K. Kikafunda) උගන්ඩා ජනරජයේ මහ කොමසාරිස්

05. දිමිත්‍රියස් ලොනව් මහතා  (Mr. Dimitrios Ioannou) හෙලනික් ජනරජයේ තානාපති

06. ආචාර්ය බාසාම් අල්-කතිබ් (Dr. Bassam Al-Khatib) සිරියානු අරාබි ජනරජයේ තානාපති

07. ජැවියර් මැනුවෙල් පොලිනිච් වෙලාර්ද් මහතා (Mr. Javier Manuel Paulinich Velarde) පේරු ජනරජයේ තානාපති

08. ලී මියොන් මහත්මිය (Ms. Lee Miyon) කොරියානු ජනරජයේ තානාපති

09. ඉස්ට්වාන් සැබො මහතා (Mr. István Szabó)හංගේරියාවේ තානාපති

10.  ලලාටියානා ඇකෝචේ මහත්මිය (Mrs. Lalatiana Accouche) සීෂෙල්ස් ජනරජයේ මහ කොමසාරිස්

 



අදහස් (1)

විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ 10 දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර බාර දෙති

chandima Saturday, 01 July 2023 08:48 AM

කොළඹ වැඩකරපු කට්ටිය කලවංචිකුඩියට මාරු කළාම දැනෙන වේදනාව දැනෙනවා ඇති ඒ උත්තමයින්ට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site