IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ රාජකාරි අරඹති


(ලුසිත ජයමාන්න)

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ අද (29) උදෑසන ඔවුන්ට නියමිත රාජකාරී ආරම්භ කළහ.

යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන්නේත්, ප්‍රධාන නිරීක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේත්, නාචෝ සැන්චේස් අමෝර් මහතාය.

නාචෝ සැන්චේස් අමෝර්, ස්පාඤ්ඥය නියෝජනය කරමින්, යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

යුරෝපා සංගමය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධාන නිරීක්ෂකයන් ගණන 10 කි. ඊට අමතරව, රට පුරා මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා නිරීක්ෂකයන් 26 දෙනකු සම්බන්ධ වනු ඇත.ඉදිරියේ දී තවත් මැතිවරණ නිරීක්ෂකයන් පිරිසක් ද මෙරටට පැමිණීමට නියමිතය.

විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම අද (29) කොළඹ හිල්ටන් හෝටල පරිශ්‍රයේ දී ඔවුන්ගේ රාජකාරි ආරම්භ කළ අවස්ථාවේ, නාචෝ සැන්චේස් අමෝර් මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඔවුන්ගේ ක්‍රියාදාමය ගැන කෙටි පැහැදිලි කිරීමක් කළේය.

සැප්තැප්මබර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව කළ ඇරැයුම පිළි ගනිමින් තමන් සහ තම නිරීක්ෂණ කණ්ඩායම මෙරටට පැමිණි බවත්, යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් ශ්‍රී ලංකාවේ මැතිවරණයක් නිරීක්ෂණයට පැමිණි හත් වැනි අවස්ථාව මෙය බවත් සැන්චේස් අමෝර් මහතා එහිදී පැවැසීය.

 



අදහස් (0)

විදෙස් මැතිවරණ නිරීක්ෂකයෝ රාජකාරි අරඹති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site