IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විදුලි සේවකයන්ට තගදැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

කොළඹ 7, පිහිටි නිවසක විදුලිය විසන්දි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍යවරයකු කළේ යැයි කියන බලපෑමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව වාහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

එම නිවසේ විදුලි බිලේ විශාල හිඟ මුදල පිළිබඳව කීපවරක් දැනුවත් කිරීමෙන් පසුව බිල නොගෙවීම නිසා විදුලිය විසන්දි කිරීමට ගොස් ඇති බව කී රත්නායක මහතා එහිදී හිටපු අමාත්‍යවරයා විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දමා ඇති බව ද සඳහන් කළේය.

මෙම සිද්ධිය වූ ඊයේ (23) පස්වරුවේ ද විදුලි සේවකයන් නැවත එම නිවසට ගිය අවස්ථාවේදී නිවස වසා ඇතැයි විදුලි සේවකයන් දැනුම් දුන් බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.

 



අදහස් (7)

විදුලි සේවකයන්ට තගදැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

ගැමියෙක් Thursday, 24 November 2022 07:40 AM

මුන් ඔක්කොම පන්නන්නේ නැතුව මේ රට හදනවා බොරු. හොරු, හොරු දේශපාලකයෝ කියන්නේ පුදුම හොරු, වංචා කාරයෝ. මේවාට විසඳුමක් කවදා ලැබෙයිද.ග්‍රාමසේවක ඉඳලා හොරු. මේ සේරම සුද්ද කරන්න පුළුවන් දේශපාලකයෙක් මේ රටේ ඉන්නවද.

:       1       20

mp Thursday, 24 November 2022 07:51 AM

දැනුත් විදුලිය කපනවා දිනකට පැය 2 1/2 පමණ. මොන මළඉලව්වට කපනවාද දන්නේ නැහැ. කපන වෙලාවක් නැහැ. ආපසු එන වෙලාවක් නැහැ. මිනිස්සු ඔක්කොම වැඩ නවත්තගෙන ඉන්න ඕන. විදුලි උපකරණ ඔක්කොම නරක් වෙනවා. මේක නම් බල්ලට ගිය රටක්.

:       2       18

Perera Thursday, 24 November 2022 09:36 AM

පරීක්ෂණ තියාවිද කියලා අපිට ලංකාදීපෙන් බලාගන්න පුළුවන්

:       0       19

Prasanna Thursday, 24 November 2022 10:54 AM

මේ ජනකව එලවන්න ඕනි. ගෝඨා වගේමයි.

:       0       1

Navien Thursday, 24 November 2022 11:50 AM

මීටරය ළගින්ම කපන්නෙ නැතුව කණුවෙන් කපන්න බැරිද සභාපතිතුමා කොතරම් විදුලිය බිල් වැඩිවුනත් මණ්ඩලය හැමදාම දුවන්නෙ පාඩුවට නේද එහෙම වෙන්නෙ මණ්ඩලයේ අයත් දේශපාලුවො සියලු දෙනාත් බිල් ගෙවන්නේම නැද්ද බලන්නත් බැරිද.?

:       0       0

ධර්මසේන Thursday, 24 November 2022 12:35 PM

2022 ඔක්තෝබර් මාසයේදී දොස්තර වසන්තා ජයසූරිය මහත්මිය මුදල් ගෙවූ රිසිට්පතක් මව්‍ රට පුවත්පත පලකර තියෙනවා එහෙම ගෙවා තිබුනා නම් මණ්ඩලයේ අයගේ නොසැලකිල්ල වෙනුවෙන් ඔවුන්ට දඩුවමක් නැද්ද අයිතිකාරයෝ ගෙව්වා කියද්දී පැමිණිලි කිරීමෙන් හිටපු ඇමතිට සිදුවූ අපහාසයට මණ්ඩලය හෝ මහජන උපයෝගිතා කොමිසම වන්දියක් ගෙවන්නේද කියන්න.

:       0       2

sunil Thursday, 24 November 2022 02:43 PM

මෙයාගේ පරීක්ෂණ පිළිබඳව අපි නොදන්නව යැයි. මෙයට මාස ගාණකට පෙර දිවයින පුරා විදුලිය බිඳවැටීම විදුලි ඉංජිනේරුවන්ගේ කඩාකප්පල් වැඩක් කියා පරීක්ෂණ ඇරඹුවා. මොනවද මේ පරීක්ෂණ වලට සිද්ධ වුණේ. නිකම් බිරුව විතරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site