
(යොහාන් භාසුර)
විදුලි බිල සියයට 10 ත් 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළ හොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑමේ වැඩි හැකියාවක් ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා අද (29) පැවසීය.
ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද එසේ පැවසීය.
මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 1 වැනිදා ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මෙම සතියේ විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහිදී ජනතාවට සැළකිය යුතු විදුලි ගාස්තු අඩු වීමට ලැබිය යුතු බවත් ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනතින් විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව කී පරාක්‍රමසිංහ මහතා විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට දැන්ම සිටම කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.
.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි බිල සියයට 20 කින් අඩු කළ හැකියි
රංබොඩ Wednesday, 29 May 2024 11:59 AM
විදුලි බල මණ්ඩලය හැටියට ඒකාධිකාරයක් පවත්වාගෙන හොරකම, දූෂණය, වංචා කළා මිසක් රටට, ජනතාවට සහනදායිකව සේවයක්දී, වැඩි දියුණු කළා නෙවෙයිනේ. ප්‍රතිව්‍යුහගත කරන්නේ ඒ වැරැදි නිවැරැදි කරගන්න වෙන්න පුළුවන්... දේශපාලකයෝ විශ්වාසත් නෑ.
ranjith Wednesday, 29 May 2024 02:40 PM
ඔහෙලා ඕක ඇන ඇන ඉන්න. ඡන්දෙන් පස්සේ පත්වන ආණ්ඩුව මොනවා හරි කරාවි.
wije Wednesday, 29 May 2024 02:41 PM
රජයේ ආයතන විනාශයට දේශපාලකයෝ විතරක්ම නෙවෙයි වැරැදි...!