(යොහාන් භාසුර)
විදේශ විනිමය උපයන සියලුම ආයතන ඉදිරියේදී ඩොලර්වලින් විදුලි බිල ගෙවිය යුතු යැයි යෝජනා කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදේශ විනිමය ප්‍රශ්නය විසඳාගැනීම සඳහා එම යෝජනාව කරන බවත් රත්නායක මහතා කීය.
විදුලිබල මණ්ඩලයට වර්තමාන විශාල පාඩුව දරාගැනීමට හැකියාවක් නොමැති බවත් ඉදිරි දින දෙක තුන තුළ විදුලි ගාස්තු වැඩිවන ආකාරය පිළිබඳව තීරණයක් ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
විදුලි ඒකක 30 ත් 60 ත් අතර පාවිච්චි කරන අඩුආදායම් ලාභී පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුව විශාල ලෙස වැඩි නොකර ඒ සඳහා රජයෙන් සහනාධාර ලබාගනිමින් සෙසු පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තු ඉහළ දමන බව රත්නායක මහතා කීය.
ඉදිරි දිනවලදී පෙරවරු 7.00 සිට මධ්‍යහන 12.00 දක්වා විදුලිය කප්පාදු නොකරන බවත් මධ්‍යහන 12.00 න් පසුව රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරක විදුලි කප්පාදු කරන බවත් රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
විදුලි බිල ඩොලර්වලින් ගෙවන්න
සිල්වා Sunday, 19 June 2022 09:33 PM
එහෙම නම් රුපියල අවලංගු කොට ඩොලර් වලින්ම ගනුදෙනු කරන්න සලස්වන්න...
ChandadasaMonday, 20 June 2022 06:56 AM
මරු අදහස... එතකොට බියගම ඩොලර් අච්චු ගහලා ඇති හැටියට බෙදන්නත් පුළුවන්.. ඩොලර් ප්‍රශ්ණයත් නිකන්ම විසඳෙනවා.
BamunuarachchiMonday, 20 June 2022 08:13 AM
හලෝ ඒ කිව්වේ ඩොලර් උපයන ආයතනවලට? උන්ඩියල් ක්‍රමයට ඩොලර් රුපියල් කරන එක හොඳයිද?
සිල්වා Monday, 20 June 2022 12:52 PM
හලෝ, දනුම ටිකක් වැඩි දියුණු කරන්න බලන්න. යම් රටක මුදලේ වටිනාකම අඩුවීයන අවස්ථාවේදී මහජනයා විදේශ මුදල් පරිහරණය කරන්න පටන්ගන්නවා. මේකයි ලෝක සවභාවය. එවැනි තත්ත්වයකටය රාජ්‍ය ආයතනයක් මුලපිරීම සුදුසු නැත.
BamunuarachchiMonday, 20 June 2022 05:20 PM
සිල්වා මගේ දැනුමේ ප්‍රමාණය හොඳටම ඇති ඔහෙලත් එක්ක කතා කරන්න. රුපියලේ අගය බාල්දු වෙනකොට බඩුමිල ඉහළ යන බව පෙනෙන්නේ නැද්ද? පුළුවන් අය රටට ඩොලර් සපයනවා නම් අපේ ඩොලර් සංචිතය වැඩිවෙනවා. නැතිනම් තිබෙන ඩොලර් සංචිතය ක්ෂය වීම අඩුවෙනවා. එවිට රුපියලේ අගය එකතැන රැඳෙනවා.. බඩුමිල ඉහළ යන්නේ නැහැ. ඒ නිසයි විදුලිබිල ඩොලර් වලින් ගෙවන්න කියන්නේ. උණ්ඩියල් ක්‍රමයට රුපියල් කරගෙන ගෙව්වත් ඩොලර්වලින් ගෙව්වත් එකම වටිනාකමයි ගෙවන්නේ. රුපියල් 700 කින් ගෙවන විදුලිබිලට ඩොලර්වලින් ගෙව්වොත් ඩොලර් දෙකයි ගෙවන්නේ. නමුත් පිටරටකට රටට යන ඩොලර් ටික ලංකාවට ලැබෙනවා. තේරුණාද? මම නොවෙයි ඔහේගේ දැනුම දියුණු කර ගන්න..
chandima Monday, 20 June 2022 03:26 AM
එහෙනම් මොකද ලංකාව තුළ ඕනෑම මුදලක් ගෙවීමට බලංගුයි කියලා රුපියල් කොළවල ගහලා තියෙන්නේ...?
chandima Monday, 20 June 2022 03:29 AM
බඩු ගෙවන්නේ ඩොලර්වලින් ලැබුණු ආදායම රුපියල් වලට මාරු කළාට පස්සේනේ? ඒ කියන්නේ.., මේ කියන්නේ ආදායම ගණනය කිරීමට පෙර විදේශයකදී කළ වියදමක්... විදිහට ගෙවන්න කියලද?
Sunil Monday, 20 June 2022 07:20 AM
මෙපමණ කල් ගෙව්වෙත් ඩොලර්වලින්ද? අනුවණ යෝජනා...
Athula Monday, 20 June 2022 07:43 AM
එදා විදුලිබල මණ්ඩලය යනු කොහොමට තිබුණු තැනක්ද? වංචාව, දූෂණය හමුවේ සියළුම දේ විනාශ කළා.. අදටත් පාඩුයි කියනවා මිස පාඩු වෙන්නේ ඇයි කියලා මොවුන්ට කියාගන්න බැහැ. හේතුව දුෂණය නිසා නාස්තිය නිසා තිබෙන පාඩුව කියලා එකෙක් වත් කියන්න එන්නේ නැහැ. පාඩු නොවී තියේද ඕකෙ කරන නාස්තිය දුෂණයට...!
pakeer Monday, 20 June 2022 09:53 AM
මම නම් ආර්ථික විද්‍යාව උසස්පෙළට වත් කරලා නැහැ .ඒත් මම මුලින්ම කිවුවේ ඕක තමයි.රුපියල් අයින් කරලා මුදල් ආදේශනයකට යමු කියලා
ජගත් ලියනගේ Monday, 20 June 2022 10:32 AM
ඕක හරි සුළු වැඩක් නේ.. බියගම මුද්‍රණාලයේ මුද්‍රණය කරල ඩොලර් 100 නෝට්ටු මිලියනක් විතර එළියට දාන්න කෝ. ඇමරිකාව මුකුත් කියන එකක් නැහැ .
Ruchira Monday, 20 June 2022 11:12 AM
මොනව කරන්නත් කලියෙන් CEB ඇප් එක සක්‍රිය කරන්න. එකට ලොග් වෙන්න බෑ. නෙට්වර්ක් ෆේලියර් කියල වැටෙනව හැමදාම.
Nandana Monday, 20 June 2022 02:11 PM
මේ ගිරා පෝතකයා... මොලේ උඩ වාඩි වෙලාද? රටට ඇවිත් තිබෙන ඩොලර්වලින් බිල් ගෙවන්න රටට ඩොලර් උනනවද? බොරුවට පඩි කනවා වගේ...
ජයනාත් Monday, 20 June 2022 07:55 PM
රටේ මෙතරම් ප්‍රශ්නවලට හිතාමතා ඇද දැමූ පාලකයින් තවමත් බලයේ ඉන්න තුරු මිනිසුන්ගේ විශ්වාසය බිඳීයනවා. ඩොලර් කොපමණ එව්වත් ඒවාට අච්චු ගහන රුපියල්වලට යටවෙනවා. ඩොලර් හොරපාරේ වෙන රටවලට ගියානේ... තව මොනවද ඉතින් කොපමණ ඩොලර් ආවත්?.. හොඳ පාලනයක් ආවාම අපි ඩොලර් ලංකාවට එවනවා. අපේ කියන හැඟීම් ඇතිකරන නායකත්වය අවශ්‍යයි.
Nimal Perera Tuesday, 21 June 2022 07:22 PM
මොලය අධෝ මාර්ගයෙන් පිටතට පැමිණීමට ආසන්නයි වගේ... මෙයාගේ යෝජනාවෙන් විදේශ විනිමය උපයන ආයතන සහ කර්මාන්ත ශාලාවල සේවයේ නියුතු දසදහස් ගණනක් සේවකයන්ගේ රැකියා නැතිකරන්න ද යන්නේ? මෙම ආයතන සහ කර්මාන්ත ශාලා ලංකාවෙන් ඉවත් වී වෙනත් රටවල් කරා ගෙනයාමේ අවදානම් තත්වයක් ඇතිවිය හැකියි. එසේ වෙතොත් එහි සේවකයින්ට අයත් වන ඉරණම කුමක්දැයි රත්නායකට නොවැටහෙන වගයි.