IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


විදුලි බල ක්ෂේත්‍රය විකුණන්නේ නෑ | වීඩියෝ

(අංජුල මහික වීරරත්න)

විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 

මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටින බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (22) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.

විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ සඳහා පත් කරන ලද කමිටු සාමාජිකයන් සහ විදුලිබල ජනන ලංකා සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සැපයුම් සමාගම, විදුලිබල බෙදාහැරීම් ලංකා සමාගම, ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඇතුළු අලුතින් ස්ථාපිත කරන ලද සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

මෙරට ආර්ථික වර්ධනය, ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් බලශක්ති ස්වාධිපත්‍යය තහවුරු කිරීම රජයේ ස්ථාවරත්වය බවත්, රජයට අවශ්‍ය වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ආයතන ව්‍යුහයේ පවතින වියවුල්භාවය නිරාකරණය කර ගනිමින් විධිමත් ආයතන පද්ධතියක් ගොඩනැගීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 

විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් නව පරිවර්තනයක් වෙනුවෙන් නව ආයතන පද්ධතියක් අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා පැරණි ව්‍යුහය තවදුරටත් ප්‍රමාණවත් නොවන අතර නව ව්‍යුහයක අවශ්‍යතාව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.



අදහස් (6)

විදුලි බල ක්ෂේත්‍රය විකුණන්නේ නෑ | වීඩියෝ

Manager Monday, 22 September 2025 06:30 PM

CEB එකේ අය දගලන්නේ ඔවුන්ට හොර කරන්න බැරි වෙන නිසානේ...

:       44       21

Asela Monday, 22 September 2025 08:50 PM

මේක කොටස් 51-49කට පුද්ගලිකකරණය කරන්න, පරම්පරා ගණනාවක් මේක නඩත්තු කරන්න එපා. ලෝකය වේගයෙන් ඉදිරියට ගිහින්, අපි දැන් ජීවත් වෙන්නේ 70 ගණන්වල හෝ 80 ගණන්වල නෙවෙයි. අනවශ්‍ය දේවල් ඉවත් කරලා ආර්ථිකය යථා තත්ත්වයට පත් කරලා යමක් කළ නායකයෙක් විදිහට ඉතිහාසයට යන්න.

:       0       2

Chinthaka Monday, 22 September 2025 09:29 PM

මගේ මතකය නිවැරදි නම් අසූව දසකයේ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව කොටස්කර විදුලි සංදේශ කොටස ටෙලිකොම් හෝ වෙන මොකක්දෝ එකක් කරද්දී ඔහොමම උද්ඝෝෂණ කලා වගේ මතකයි. අන්තිමේ එතැනට ගිහිල්ලා මාස ගණනකින් කිව්වෙ මේක මෙයට පෙර කලානම් අපිට තවත් වාසියි කියල තමයි. ඒ නිසා දැන්වත් ළිං පතුලේ නොසිට පිනුමක් ගසා ළිං ගැට්ටට ඇවිල්ල වටපිටාව බලන්නකො බොහොමයක් දෙනා සමිති කාරයින්ට රැවටිලා ඉන්නෙ

:       0       2

ගුණරත්න Monday, 22 September 2025 10:13 PM

විකුණන්න නෙවේ නම් කොටස් කිරීමෙන් මොකක්ද කෙරෙන කාර්යය? ආණ්ඩුවට ලේසියෙන්ම එකම ආයතනයක ඩිපාට්මන්ට් හදල ඒවාට වගකීම් පවරලා විමධ්‍යගත කිරීම කරන්න පුළුවන්. එතකොට සම්බන්ධීකරණය අමාරු නැහැ, තීරණ ගැනීම වෙගවත්. නමුත් ආයතන ලෙස වෙන්කලහම සම්බන්ධීකරණය සඳහා වෙනම ඔෆීසි අවශ්‍ය වෙනවා, තීරණ ගැනීම කල් යනවා. නමුත් වාසි නැත්තෙත් නැහැ, ආයතන ලෙස වෙන් කරලා වඩාත්ම වාසිදායක ගනුදෙනුවක් කරන්න ගැලපෙන ආයතනය තෝරාගන්න පුළුවන්, ඒ කියන්නේ තරඟකාරීත්වය ඇති වෙනවා, ඒ කියන්නේ රජය තමන්ගේ වපසරිය හකුලාගෙන පෞද්ගලික අංශයට ඉඩදෙනවා කියන එක, ඒ කියන්නේ විකිණීම තමයි. පාරිභෝගිකයෝ විදියට අපි ඒවාට විරුද්ධ නැහැ, අපට ඕන කොහෙන් හරි අඩුවට විදුලිය.

:       0       2

swene Tuesday, 23 September 2025 06:40 AM

විදුලිය සැමට නැතිවම බැරි දෙයකි. එය උපයෝගී කරගෙන විදුලි ලොක්කෝ සහ සේවකයෝ පුදුම විධියට කේවල් කරමින් ධනය හම්බු කරනවා. මෙම ඒකාධිකාරය බිඳිය යුතුයි. මෙතරම් හිරු එලිය තියෙන රටෙහි, solar පද්ධති මගින් ජනතාවට ප්‍රයෝජනය ගත හැකි විධියට ඔය ඉංජිනේරුවෝ සහ සේවකයෝ පද්ධති සකස් කලේ නැහැ. solar වලට ගෙවන ගණන ත් අඩුකලා. පාරිභෝගිකයා solar පද්ධති යෙදවීමෙන් ඉවත් වනවා.

:       0       1

කපුරුහාමි Tuesday, 23 September 2025 02:37 PM

විදුලි බල මණ්ඩලයේ විවිධ වුර්තීය සන්ගම් කාරයෝ ඉන්නවා. මතක ඇති කාලේ පටන් අපි දැකපු දෙයක් තමා වැඩ වර්ජන කරපු එක.. මෙහෙම රටක් ලෝකෙම නැතුව ඇති ලැජ්ජයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32469 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14969 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9913 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site