IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දාන්න

(යොහාන් භාසුර)

විදුලිබල අමාත්‍යංවරයා නීතියට පටහැනිව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දමන ලෙස ඉල්ලා සිටින බවත් සියලු දෙනාට වැඩ කළ හැකි විදුලිබල අමාත්‍යවරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (3) පැවසීය.

විදුලිබල අමාත්‍යවරයා විදුලිබල පනත සහ ස්වාධීන කොමිෂන් සභා මඟ හරිමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනෙකුගේ විරෝධතාව හේතුවෙන් සතියකට කල්දමා ඇති බව කී නිහාල් වීරරත්න මහතා කැබිනට් මණ්ඩලයට විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව පසුවට කල්දැමීම නිසා ඒ වෙනුවෙන් කළ විරෝධතා තාවකාලිකව අත්හිටුවන අතර එය නැවත බලගැන්වීමට උත්සහ කළ හොත් වෘත්තිය සමිති නැවත ක්‍රියාත්මක වන බව ද සඳහන් කළේය.

නීතිරිතීවල පයින් ගසා ප්‍රතිපත්තියක් යැයි එකක් හදාගෙන ජනතාවට දරාගත නොහැකි විදුලි ගාස්තු ක්‍රමයක් ඉදිරිපත් කළ බව කී වීරරත්න මහතා පැවසුවේ පිරිවැය ප්‍රතිපූර්ණය කරගැනීමට අවශ්‍ය නම් නියමිත ක්‍රමවේදයට අනුව විදුලිබල මණ්ඩලයේ පාලන අධිකාරියේ කළමනාකාරිතවය හරහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසමට යොමුකළ යුතු බවත්ය.



අදහස් (5)

විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව කුණු බක්කියට දාන්න

fairoos Tuesday, 03 January 2023 01:33 PM

රනිල් රාජපක්ශල එකතුවෙලා රට නැත්තටම නැති කරන්ඩයි හදන්නෙ

:       2       7

කුමා Tuesday, 03 January 2023 01:42 PM

මන්ඩලේ ඉන්න කූනු බක්කි වගේ මෙලෝ රහක් නති ඉන්ජිනෙරුවෝ ටික අයින්කරලා දාන්න

:       4       5

Sunil Tuesday, 03 January 2023 02:14 PM

ගොන් ඇමතියත් ඒක්කම දාන්න.

:       0       7

Lalla Tuesday, 03 January 2023 03:38 PM

ඇමතිවරයා ලංවිමේ ඉංජිනේරු මාෆියා කල්ලියට වඩා හොඳයි.

:       0       0

Viparama Tuesday, 03 January 2023 03:43 PM

ඇමති සිටින්නේ , ජාතියක් රැකීමට. ඔහු එය සැහැල්ලුවට නොගත යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site